Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහිව උසාවි යනවා

  දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිෂන් සභාවට එරෙහිව මෙම සතියේ අධිකරණය හමුවට යන බව ජාතික ජන බලවේගය පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක ම...

 


දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිෂන් සභාවට එරෙහිව මෙම සතියේ අධිකරණය හමුවට යන බව ජාතික ජන බලවේගය පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

 

 මෙම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කථානායකවරයාට දැනුම් දුන්නත් එය ඉටුකළේ නැති බව පැවැසූ ඒ මහතා තොරතුරු දැනගැනීමේ පනත යටතේ එය ලබාගැනීමට උත්සාහ ගත්තද නීතිමය ගැටලූ ඇතැයි පවසමින් එය ලබාදිය නොහැකි බව දැනුම්දී තිබෙන බවද කීවේය.

 

 නමුත් මෙම කොමිසමේ වාර්තාව හරහා දේශපාලන දඬුවම් සිදුකිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවත් එසේ ආණ්ඩුවේ කිහිපදෙනකුගේ අරමුණු ඉටුකර ගැනීමට තමන් ඉඩ නොදෙන බවද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය

noizetv

No comments

Ads Place