Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන පිරිපහදුවේ කොරෝනා පොකුර ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක්

  සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු වාර්තාවීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පංච...

 


සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයන් අතරින් කොරෝනා ආසාදිතයන් 474 දෙනෙකු වාර්තාවීම සම්බන්ධයෙන් සොයා බැලීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.


එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගලයි.


එහි සෙසු සාමාජිකයන් ලෙස බලශක්ති අමාත්‍ය උපදේශක ලලිත් වසන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා, බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයනා සේනාරත්න, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ වෛද්‍ය නිලධාරිනී රෝෂිණී රුසිරිවර්ධන පත් කළ බවයි බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.


වසර තුනකට වරක් සිදුකෙරෙන පිරිපහදුවේ නඩත්තු කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. මේ හේතුවෙන් වැඩි සේවක සංඛ්‍යාවක් තෙල්පිරි පහදුවේ කටයුතුවල දෛනිකව රාජකාරී කිරීම හේතුවෙන් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව වැඩිවී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.


කෙසේවෙතත් කළමණාකාරිත්වයේ කිසියම් අතපසුවීමක්, සෞඛ්‍ය උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමක් හෝ වෙනයම් සාධකයක් එම කොරෝනා ව්‍යාප්තියට බලපා ඇත්දැයි සොයා බැලීම ඒ සදහා පත් කෙරුණු කමිටුවේ ප්‍රධාන වගකීම වනවා.


කමිටුව විසින් දින 10ක් තුළ මේ සම්බන්ධ වාර්තාවක් බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතු වන බවද බලශක්ති අමාත්‍යාංශය පැවසුවා.


මේ අතර සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 180 දෙනා සමග ඊයේ දිනයේද වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.


ඒ අනුව ආසාදිතයින් 197 දෙනෙකු එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. කෙසේවෙතත් කොරෝනා ආසාදිතයින් වාර්තාවන ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලින් ආසාදිතයින් දහයකට අඩු සංඛ්‍යාව බැගින් පමණක් වාර්තා වනවා.


කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 58 දෙනෙකු වාර්තා වන අතර ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 19 දෙනා වාර්තා වන්නේ පාදුක්ක ප්‍රදේශයෙන්.


හෝමාගම ප්‍රදේශයෙන් ආසාදිතයින් අට දෙනෙකු, පිළියන්දල ප්‍රදේශයෙන් ආසාදිතයින් 7 දෙනෙකු සහ මුල්ලේරියාව ප්‍රදේශයෙන් ආසාදිතයින් 6 දෙනෙකු ලෙස ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා.


යාපනය දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 17 ක්.  


ආසාදිතයින් දස දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වුණා.


ඊයේ දිනයේ ආසාදිතයින් දස දෙනාටත් අඩු සංඛ්‍යාවක් බැගින් සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 354 ක් වනවා.

nethnews

No comments

Ads Place