Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අත්‍යවශ්‍ය භාණ්ඩ රේගුවෙන් නිදහස් කරන ක්‍රමවේදය වෙනස් කිරීමට ආණ්ඩුවේ අවධානය

  මෙරටට ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදය ඉදිරියේදී වෙනස් කිරීමට අපේක්‍ෂා කරන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍...

 



මෙරටට ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේ ක්‍රමවේදය ඉදිරියේදී වෙනස් කිරීමට අපේක්‍ෂා කරන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවලට අදාළ සියළු පරීක්‍ෂණ වාර්තා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පමණක් ඒවා රේගුවෙන් මුදා හරින බවයි.


මේ අතර මෙරට සමාගම් තුනක් ගෙන්වූ පොල්තෙල් තොගයේ පිළිකා කාරක අඩංගු බව ඊයේ අනාවරණය වුණා. ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ දෙවන සාම්පල් පරීක්‍ෂාවේදීයි. ඒ අනුව කඩිනමින් එම පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කරන ලෙසට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේම අදාළ සමාගම්වලට ලිඛිතව දන්වනු ලැබුවා.

nethnews

No comments

Ads Place