Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් කටුනායකින්

  මෙරටින් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් කටුනායක ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. එලෙස හඳුනාගෙන ඇති ආසාදිතයින්...

 


මෙරටින් ඊයේ හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් කටුනායක ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා.


එලෙස හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 47 ක්.


ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 94 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 59 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.


ඉන් ආසාදිතයින් 15 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ හංවැල්ල ප්‍රදේශයෙන්. බත්තරමුල්ල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා.


මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 26 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු හා ගාල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 15 දෙනෙකු බැගින් ඊයේ දිනයේදී හඳුනා ගැනුණු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.


මේ අතර මෙරටින් මේවනවිට හඳුනා ගැණෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණත්, මහනුවර, මොරවක හා කටුනායක යන ප්‍රදේශවල තවදුරටත් කොරෝනා ආසාදිත පොකුරු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.


මේ අතර එළඹෙන අලුත් අවුරුදු සමයේදී කණ්ඩායම් වශයෙන් ඒකාරාශීවීම් හැකිතාක් වළක්වා ගැනීමට ද ජනතාව කටයුතු කළ යුතු බව යුද්ධ හමුදාපතිවරයා පවසනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් ඉදිරියේදී දැනුම් දෙන බව ද යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා. 

No comments

Ads Place