Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්රථයක් දුම්රියක ගැටෙයි - දස දෙනෙකු රෝහලේ

  තලෙයිමන්නාරම ප්‍රදේශයේ දුම්රිය ගේට්ටුවක් අසලදී  බස්රථයක්, දුම්රියක ගැටී තිබෙනවා. මෙම අනතුරෙන් පුද්ගලයි දස දෙනෙකු තුවාල ලබා මන්නාරම රෝහලට ඇ...

 


තලෙයිමන්නාරම ප්‍රදේශයේ දුම්රිය ගේට්ටුවක් අසලදී  බස්රථයක්, දුම්රියක ගැටී තිබෙනවා.


මෙම අනතුරෙන් පුද්ගලයි දස දෙනෙකු තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය පැවසුවේ.


පොලිසිය පැවසූවේ කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ගමන්කළ දුම්රියේ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


දුම්රිය හරස් මාර්ගයක අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගය වසා තිබුණේද? නැද්ද? යන්න සොයා පරීක්ෂා කිරීම සිදුකරන බව පොලිසිය සඳන් කළා.


බස්රථය තුළ සිටි වැඩි දෙනෙකු පාසල් සිසුන් බවද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළා. 


සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments

Ads Place