Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

  ඇවන්ගාඩ් පුද්ගලික  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම අප්‍රේල් මස 23 දා තෙක් තාවකාලිකව අත් හිටුවීමට කොළඹ ත්...

 


ඇවන්ගාඩ් පුද්ගලික  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම අප්‍රේල් මස 23 දා තෙක් තාවකාලිකව අත් හිටුවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.


ගාල්ල ආසන්න මුහුදේ එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි සහ ජීව උණ්ඩ තබාගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණා.

 

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිමට තම සේවාදායකයාට විදේශ ගත වීමට ඔහුගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත් හිටුවන ලෙසට ඔහුගේ නීතිඥවරයා මහාධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී .


එම ඉල්ලීම පිළිගත් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සේනාධිපති ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කළා.


මෙම නඩුව යළි අප්‍රේල් මස 23 දා යළි කැඳවීමට නියමිතයි.

No comments

Ads Place