Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කදුකර කොටියෙකු හසුවෙයි : කොටියා මුදා ගැනිමට වනජිවි නිලධාරින් මෙහෙයුමක

  දඩයම්කරුවෙකු විසින් අටවා තිබු මන්දකට කදුකර කොටියෙකු අද දින හසු වි ඇති බව ආගරපතන පොලිසිය පවසනවා. බෝපත්තලාව රජයේ ගොවිපලේ නැගෙනහිර කොටසේ සේවක...

 


දඩයම්කරුවෙකු විසින් අටවා තිබු මන්දකට කදුකර කොටියෙකු අද දින හසු වි ඇති බව ආගරපතන පොලිසිය පවසනවා. බෝපත්තලාව රජයේ ගොවිපලේ නැගෙනහිර කොටසේ සේවක නිල නිවාස වලට ඉහලින් මන්දට හසු වු කදුකර කොටියා මන්ද සහිත මුගුර කඩාගෙන විත් රජයේ ගොවිපල අසල වැටි සිටින බවයි පොලිසිය පැවසුවේ.


වනජිවි දෙපාර්තුමේන්තුවේ නිර්වින්ද පශු වෛද්‍යවරයෙකුගේ සහයෝගය ලබාගෙන මන්දට හසු වි සිටින කදුකර කොටියා නිර්වින්දනය කර මුදවා ගැනිමට කටයුතු කරන බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසුවේ.


මෙලෙස මන්දකට හසුව වී ඇත්තේ හොදින් වැඩුණු කදුකර කොටියෙකු බවයි වාර්තා වන්නේ.


බෝපත්තලාව රජයේ රක්ෂිතය තුල මෙවැනි කදුකර කොටියන් ගණනාවක් වාසය කරන බව බෝපත්තලාව ප්‍රදේශවාසින් පැවසුවේ.


බෝපත්තලාව රජයේ රක්ෂිතය තුල වෙසෙන ගෝනුන්, ඌරන් දඩයම් කිරිමේ සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බව බෝපත්තලාව ප්‍රදේශවාසින් පැවසුවේ.

No comments

Ads Place