Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංගා හා යෙහාලිගේ කතාව මඩක්

  දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගනිමින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර වංචා...

 


දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගනිමින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර වංචාවක් සිදුකර ඇති බවට පැතිර යන පුවතට තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව අප කළ විමසුමකදී ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියේය.",

                   "දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගනිමින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර වංචාවක් සිදුකර ඇති බවට පැතිර යන පුවතට තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව අප කළ විමසුමකදී ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියේය. මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවද ගමගේ මහතා පැවසීය. වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා ඒ සම්බන්ධයෙන් අවංක ප්‍රකාශයක් කරමින් කරුණු දක්වා තිබීම තමා ඉතා ඉහලින් අගය කරන බවද කියා සිටියේය. එසේම, මේ සම්බන්ධයෙන් ව්‍යාජ හැඳුණුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ දැයි අප කළ විමසීමකදී ගමගේ මහතා කියා සිටියේ එය ප්‍රාදේශීය ලේකම්වරයා සතු වගකීමක් බවත්, ඔවුන්ට එරෙහිව කූට ලේඛන සැකසීම යටතේ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවයි. මේ අතර, කුමාර සංගක්කාර මහතා හා ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර විසින් මේ චංචාව සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඔවුන් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපිය හා ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ස්තූතිකරමින් එවන ලද ලිපියද පිළිතුරු ලිපිය අප වෙත ලැබී තිබේ. එය අප විසින් පහත පළ කරන්නෙමු. මේ ප්‍රවෘත්තිය සංගක්කාර මහතාගෙන් හෝ ඔහුගේ බිරියගේ විමසීමකින් තොරව පළකර තිබුණේ රජයේ සිළුමිණ පුවත්පත විසිනි.

sri lanka mirror

No comments

Ads Place