Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාව පාරට බැස රාජපක්‍ෂලාගේ මන්දිර වැටලිය යුතුයි..- මං ඒ සටනට නායකත්වය දෙනවා..

  ඉන්දියානු ජනතාව මෙන් නිරෝධායන නැති කඩාගෙන මෙරට ජනතාවද පාරට බැස රාජපක්ෂලාගේ ජනාධිපති මන්දිර වැටලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත...


 ඉන්දියානු ජනතාව මෙන් නිරෝධායන නැති කඩාගෙන මෙරට ජනතාවද පාරට බැස රාජපක්ෂලාගේ ජනාධිපති මන්දිර වැටලිය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම සටනට දිවිහිමියෙන් නායකත්වය දෙන බවද ඔහු පැවසීය.

එළඹෙන අලුත් අවුරුද්ද ජනතාවට ලෙව කෑමට සිදුවන බවත් මෙම වසර අවසාන වන විට වර්තමාන ආණ්ඩුවේ අවසානය සිදුවනු ඇති බවත් ඔහු පවසයි.

පැවති යහපාලන ආණ්ඩුව තම පාලන සමයේ බඩුමිල කිසිදු වැඩි කිරීමක් නොකර පවත්වා ගෙන යාමට සමත් වූ නමුත් මේ ආණ්ඩුව වසර එකහමාරක් තුළ බඩු මිල විශාල ලෙස ඉහළ දමා ඇති බව ද ඔහු සදහන් කලේය.

බඩු මිල ඉහළ යාමට හේතුව අති විශාල පමණින් මුදල් අච්චු ගැසීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

කොළඹදී පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

1 comment

Ads Place