හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. සිය නීතිඥ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා සිටියේ සිය සේවාදායකයා තම මාස එක හමාරක බිළිදා සමග අධිකරණය ආසන්නව නවතා තිබූ වාහනයක සිට අධිකරණයට පැමිණෙන අවස්ථාවේ නඩුව කැඳවා තිබූ බවයි.
නිසි වේලාවට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇයගෙ නීතිඥවරිය සමාව අයැද සිටි අතර ඒ අනුව ඇය පෙර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කළා.
මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත් හිටවූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරනය නියෝග කළා.
ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත් හිටුවීමට මහාධිකරන නියෝග කර තිබුණා.
No comments