Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කදුකරයට අධික ශීතලක්.. කදුකරයම පින්නෙන් වැසී යයි.. ජන ජීවීතයට දැඩි බාධා..

  මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අලුයම් කාලයේ අධික පිනිබර සිතල කාලගුණයක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට මෙන්ම ජන ජිවිතයට ගැටළු රැසක් මත...

 


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අලුයම් කාලයේ අධික පිනිබර සිතල කාලගුණයක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට මෙන්ම ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.

දිවා කාලයේ අධික වියළි කාලගුණ තත්ත්වයක් පැවතියද අලුයම් කාලයේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට සෙල්සියන්ස් අංශක 6 ක පමණ උෂ්ණත්වයක් පැවතිම නිසා ප්‍රදේශය පුරා පින්නෙන් වැසි යාම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ ඇත.

අලුයම් කාලයේ පවතින අධික පිනිබර කාලගුණයත් සමග දිවා කාලයේ අධික වියළි කාලගුණ තත්ත්වයක් පැවතිම නිසා තේ වගාවට දැඩි  බලපැමක් එල්ල වන බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

පවතින කාලගුණ විපර්යාසය සමග ජල මුලාශ සිදි යාමේ අවධානමකට ලක් වි ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලයද පවසයි.

No comments

Ads Place