Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිස නැති මළ සිරුරේ ඩී එන් ඒ වාර්තා නිකුත් වෙයි

පසු ගිය මාර්තු 01 වන දින කොළඹ වේල්ලවීදීයේ දී හමු වූ හිස නොමැති කාන්තා මළ සිරුරේ ඩී.එන්.ඒ වාර්තාව නිකුත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිය...


පසු ගිය මාර්තු 01 වන දින කොළඹ වේල්ලවීදීයේ දී හමු වූ හිස නොමැති කාන්තා මළ සිරුරේ ඩී.එන්.ඒ වාර්තාව නිකුත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.


 රජයේ අතිරේක රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න මහතා නිකුත් කර ඇති වාර්තාවට අනුව කුරුවිට තෙප්පලනාව පදිංචි ඝාතනය වූ තරුණියගේ  ඩී.එන්.ඒ සාම්පලය අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ  ඩී.එන්.ඒ සමඟ ගැළපෙයි මේ අනුව අදාළ තැනැත්තියගේ ජෛව විද්‍යාත්මක මව සහ ජෛව විද්‍යාත්මක සහෝදරයා හඳුනාගැනීම සමඟ මෙම මළ සිරුර කුරුවිට තෙප්පනාව පදිංචි වයස අවුරුදු 30ගේ තරුණියගේ බව ජෛව විද්‍යාත්මකව සනාථ කර ඇත මේ අනුව මෙම මරණයට අදාළ මරණ පරීක්ෂණ අද (09) හෝ හෙට (10) දිනයේ පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.


 මෙම සිදුවීමට අදාළ හිස තවමත් සොයා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වේල්ලවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

noizetv

No comments

Ads Place