Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිවසකට භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක්

  වව්නියාව පුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි නිවැසියන් විසින් පු...

 


වව්නියාව පුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි නිවැසියන් විසින් පුලියන්කුලම් පොලීසියට පැමිණිළි කොට ඇත.

පුලියන්කුලම් ප්‍රදේශයේ ජීවත් වන පූජකවරයෙකුගේ නිවසකට යුතුරුපැදියක්නි පැමිණි පිරිසක් විසින් මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවට තොරතුරු ලැබීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් පරික්ෂණ සිදු කරන ලදි.

එහිදී නිවසට එල්ල වී ඇත්තේ භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් බවට අනාවරනය වී ඇති අතර ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න හඳුනාගෙන නොමැති බවට පොලීසිය පැවසීය.

භූමිතෙල් බෝම්බ ප්‍රහාරයෙන් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතරම නිවසේ දොරටුවට පමණක් හානි සිදුව තිබෙන බවටත් කිසියම් පෞද්ගලික හේතුවක් මත මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවට පරික්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලීසිය සැක පල කර සිටියි.

No comments

Ads Place