Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාහන ආනයනයට යලි අවසර.. කෝටා ක‍්‍රමයක් එයි..

 දැනට අත්හිටුවා ඇති වාහන ආනයනය නැවතත් නිශ්චිත කෝටාවක් යටතේ මෙරටට ගෙන්වීමට රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවකට පැමිණ තිබේ. පසුගියදා ආනයනය ක්ෂේත්‍...


 දැනට අත්හිටුවා ඇති වාහන ආනයනය නැවතත් නිශ්චිත කෝටාවක් යටතේ මෙරටට ගෙන්වීමට රජය සහ වාහන ආනයනකරුවන් එකඟතාවකට පැමිණ තිබේ.


පසුගියදා ආනයනය ක්ෂේත්‍රයේ පිරිසක් සහ රජය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.


ඒ අනුව විදේශ විනිමය පාලනයකින් තොරව ගලා යාම පාලනය කරමින් වසරකට ආනයනය කළ හැකි විදේශ විනිමය සීමාවක් පැනවීමට නියමිතය.


වාර්ෂිකව වාහන ආනයනය කල හැකි විදේශ විනිමය කෝටාවක් ආනයන කරුවන්ට ලබා දෙන අතර ඔවුනට වාහන ආනයනය කිරීමට ඉඩ ලැබෙන්නේ එම කෝටාවට පමණි.


දැනට අධික ලෙස මිල ඉහළ ගොස් ඇති දේශීය වෙළඳපොලේ වාහන මිල පහත දැමීම මෙම එකඟතාවයේ ප්‍රධාන අරමුණ වී ඇත.

No comments

Ads Place