Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සචිත්‍ර සේනානායක, ක්‍රීඩා වැරදි සොයන පොලිස් ඒකකයට

 ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ව...


 ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණියා. ඒ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


ඔහු පෙරවරු 10 ට පමණ එම පොලිස් ඒකකය වෙත පැමිණියා. මේවනවිට මෙම සිදුවීම පිළිබඳ එහි නිලධාරීන් සචිත්‍ර සේනානායකගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා. තරග පාවාදීමේ සැලසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සචිත්‍ර සේනානායක ඊයේ දිනයේදී ඇප අයැදුම්පතක් ද අධිකරණයට ඉදිරිපත් කළා. කෙසේවෙතත්, එම ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කළේ. 


මේ අතර තරග 3කින් සමන්විත කොදෙව් ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඇන්ටිගුවා හිදි හෙට පැවැත්වෙනවා. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ මෙරට වේලවෙන් අලූයම 3.30 ටයි. කෙසේ වෙතත් මෙම තරගාවලිය මෙරට ක්‍රීඩා ලෝලීන්ට රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව අහිමිවී තිබෙනවා.


ඒ ශ්‍රී ලංකා - කොදෙව් තරගාවලිය ඉන්දීය උප මහද්වීපයේ විකාශය කිරිම සදහා කිසිදු රූපවාහිනි විකාශකයෙකු මෙතෙක් අදාළ තරගාවලියේ විකාශන කටයුතු භාර නොගැනීම හේතුවෙන්. ඒ අනුව සිම්බාබ්වේ, නයිජීරියා, සහ කෙන්යාව ඇතුලූ අප්‍රිකානු රටවල් 54කට සහ දූපත් සමූහයකට පමණක් මෙම තරගය රූපවාහිනිය ඔස්සේ නැරඹිමේ අවස්ථාව හිමිව තිබෙනවා.  

No comments

Ads Place