Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නියාමනයකින් තොරව රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරටට… පසුපස රාජිත…

  රුපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේදී නිසි නියාමනයක් ඉදිරියේදී සිදුකරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත...


 රුපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමේදී නිසි නියාමනයක් ඉදිරියේදී සිදුකරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.

සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතා විසින් ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, යම් නියාමනයකට අනුව එය සිදු කළ යුතු බවත් සමේ ආලේපනය කරන මෙම සංවේදී ද්‍රව්‍ය ප්‍රමිතියකට අනුව ආනයනය කළ යුතු බවත් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක් වී මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

රූපලාවන්‍ය ද්‍රව්‍යය ආනයනය කිරීම පසුගිය වසර කිහිපයේ සියයට සියයකින් වැඩි වී ඇති බවත් 2015 වසරේ ජාතික ඖෂධ නියාමන පනතෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය නියාමනය යන පරිච්ඡේදය සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බවත් කිසිදු නියාමනයකින් තොරව රූපලාවන්‍ය ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උවමනාව මත මෙය සිදු වී ඇතැයිද මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

No comments

Ads Place