Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක්

 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් ඊයේ දිනයේ දක්නට ලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්...


 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් ඊයේ දිනයේ දක්නට ලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.


ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක අතරින් සිව්වන ස්ථානයට කොළඹ දිස්ත්‍රික්කය පත්ව ඇත්තේ ආසාදිතයින් 29 දෙනෙකු පමණක් වාර්තාවීම හේතුවෙන්.


වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනයේ වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් ආසාදිතයින් 20 දෙනෙකුම වාර්තා වූයේ කැළණිය ප්‍රදේශයෙන්.


රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වුණා. ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 39 දෙනෙකු වාර්තාවූයේ කිරිඇල්ල ප්‍රදේශයෙන්.


ගාල්ල දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනයේ ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.  උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 8 සහ අක්මීමණ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් 5 දෙනාද ඊට අයත්.


කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 29 ක්. එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ලෙස සිව් දෙනා බැගින් ඊයේ දිනයේ වාර්තා වූයේ පන්නිපිටිය හා පිළියන්දල ප්‍රදේශවලින්.


මහනුවර දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකු, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 17 දෙනෙකු, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු ලෙස ද ඊයේ දිනයේ ආසාදිතයින් වාර්තා වූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 304 දෙනෙකු සහ කොරෝනා මරණ 4 ක් වාර්තා වූ බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා.


මේ අතර විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

No comments

Ads Place