Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නීති සිසුවාට පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

  නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්...

 


නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, පොලිස්පති සී ඩී වික්‍රමරත්නට උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ පොලිස් නිලධාරින්ට එරෙහිව වධහිංසා පනත යටතේ චෝදනා ගොනුකරන ලෙසයි නීතිපතිවරයා උපෙදස් ලබා දී ඇත්තේ. 


පෑලියගොඩ පොලීසිය තුළදී නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමට අදාළ පැමිණිල්ලක් හා මිගාර ගුණරත්න පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි කියන සිද්ධියට අදාළව පැමිණිලි 02 ක් සම්බන්ධයෙන් මේවනවිට විමර්ශන සිදුකෙරෙමින් තිබෙනවා. අදාළ  සිදුවීම සම්බන්ධයෙන් මේවනවිටත් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. 

No comments

Ads Place