Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පදනමකින් තොර ප්‍රකාශයක්‌ කළ බව අශෝක්‌ පිළිගත්තා

  පාස්කු ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබ...

 


පාස්කු ප‍්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතාගෙන් ඊයේ (11) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

 

 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාට කර තිබූ දැනුම්දීමකට අනුව ඒ මහතා ඊයේ උදෑසන සිය නීතිඥවරුන් සමග එහි පැමිණ සිටියත් නීතිඥයන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවීමට අවසර ලබාදී නැත.

 

 පාස්කු ප‍්‍රහාරය සිදු කරවනු ලැබුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවට අබේසිංහ මහතා ඉකුත් දා කර තිබූ ප‍්‍රකාශයට අදාළව ඒ මහතා විසින් ඊයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදී ඇත.

 

 මින් පෙර අවස්ථා දෙකකදී අබේසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණද ඒ මහතා එහි පෙනී සිටියේ ඊයේ උදෑසන 9.00 ට පමණය.

 

 සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු පිරිසක් අශෝක් අබේසිංහ මහතා සම`ග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ.

 

 සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් සිදු කරයි.

 

 මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පදනම් විරහිත ප‍්‍රකාශයක් තමා සිදු කළ බව සහ ඒ පිළිබඳව තමා කනගාටුවට පත් වන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

noizetv

No comments

Ads Place