Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිස ක‍ෙඳන් වෙන් කර ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුවයි

 වේල්ල වීදියේ තිබී සොයා ගත් හිස සුන් කාන්තාවගේ හිස කඳෙන් වෙන් කර ඇත්තේ ඇය ඝාතනය කිරීමෙන් පසුව බව ඊයේ (09) සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අන...


 වේල්ල වීදියේ තිබී සොයා ගත් හිස සුන් කාන්තාවගේ හිස කඳෙන් වෙන් කර ඇත්තේ ඇය ඝාතනය කිරීමෙන් පසුව බව ඊයේ (09) සිදු කළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත.


තරුණිය ඝාතනය කර ඇත්තේ අවසන් වරට ආහාර ගෙන පැය දෙකත් තුනත් අතර කාලයකදී බවද එම තරුණිය ගැබිණියක් නොවන බවද පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබේ.


වේල්ල වීදියේ තිබී සොයා ගත් හිස නොමැති තරුණියගේ මළ සිරුරේ ඩී.එන්.ඒ. සාම්පල් මවගේ සහ සහෝදරයාගේ ඩී.එන්.ඒ සාම්පල් සමග සැසඳෙන බවට රජයේ රස පරික්ෂකවරයා විසින් වාර්තා කිරීමෙන් අනතුරුව මෙම පශ්චාත් මරණ පරික්ෂණය සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


පසුගිය මාර්තු මස 01 වෙනිදින ගමන් මල්ලක බහා කාන්තා මළ සිරුරක් වේල්ලවිදිය ප්‍රදේශයේ අතහැර දමා තිබුණු අතර එම ඝාතනය සිදුකළ බවට හඳුනාගත් බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාද වස පානය කර ගෙල වැලලාගෙන මිය ගිය ගොස් තිබුණි.


මෙම මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි දිලිණි ජයසූරිය නැමැති තරුණියගේ බව හඳුනා ගැනුණු අතර එහි හිස නොමැති නිසා නිසැක විද්‍යාත්මක හඳුනා ගැනීමක් සඳහා ඩී.එන්.ඒ පරික්ෂාවක් සිදුකීරීමට තීරණය කර තිබුණි. ඒ අනුව මෙම ඩී.එන්.ඒ පරික්ෂාව රජයේ අතිරේඛ රස පරික්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්.ජයමාන්න මහතා විසින් වාර්තාව නිකුත් කර තිබුණි.


එම ඩී.එන්.ඒ පරික්ෂාව අනුව ඇය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණිය බවට නැසැකවම ජීව විද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ වී ඇත. මිය ගිය තැනැත්තිය අදාළ මවගේ ජෛව විද්‍යාත්මක දියණිය බවත් අදාළ පුද්ගලයා මෙම මියගිය තැනැත්තියගේ ජෛව විද්‍යාත්මක සහෝදරයා බවත් අනාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.


එම තරුණියගේ හිස මෙතෙක් සොයාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ වේල්ලවීදිය පොලිස් ස්ථානය විසින් සිදුකරයි.

noizetv

No comments

Ads Place