Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලස්සනට අඳින්න මේක්-අප් කරන්න

  මිහි මත උපන්න සෑම අයකුටම තමන්ම ආවේනික වූ සුන්දරත්වයක් ඇත. අපේ මේ සුන්දරත්වය සොයා ගත යුත්තේ වෙන අය නොව අප විසින්මය. අපි අපේ ලස්සන සොයා මතුක...

 


මිහි මත උපන්න සෑම අයකුටම තමන්ම ආවේනික වූ සුන්දරත්වයක් ඇත. අපේ මේ සුන්දරත්වය සොයා ගත යුත්තේ වෙන අය නොව අප විසින්මය. අපි අපේ ලස්සන සොයා මතුකර ගත යුතු වෙමු. එවිට ලෝකය ද අපව ලස්සනට දකිනු ඇත.


එහෙත් අපේ බොහෝ යෞවනියන්, තරුණියන්, මැදිවියේ ළඳුන් තමන් පිළිබඳ ඍණාත්මක ආකල්පයක් ඇති කරගෙන හිඳිති. ඒ "අනේ මම ලස්සන නැහැ" යනුවෙනි. ඔබව ලෝකයට කැතට පෙන්වන්නේ මෙන්න මේ සිතිවිල්ලයි. මේ සිතිවිල්ල අනුව ක්‍රියාත්මක වන බොහෝ ගැහැනුන් තමන් විසින්ම තමන්ගේ සුන්දරත්වය සඟවා ගෙන හිඳිති. අපි ගැහැනුන් ලොව අසම සම මානසික දිරියක් සහිත ජීවීන් වෙමු. කායිකව අප පිරිමින් තරම් ශක්තිමත් නැතත් මනසින් අපි පිරිමින් ට වඩා ශක්තිමත් ය. ඒ ශක්තිය ඔබ නො දුටුවා ද? නැතිනම් හඳුනා ගත්තේ නැත්ද?


මේ මිහිමත ඇති වේදනාත්මකම අත්දැකීම දරුවකු මවු කුසින් ලොවට බිහිකිරීමය. මේ වේදනාව විඳින්නේ ගැහැනුන් ම හැර වෙනත් කවුරුන්ද? ඒ සඳහා ඔබේ කායික මෙන්ම මානසික ශක්තිය පිරිමින් අභිබවා යන්නකි. එසේ නම් ඔබ තරම් ශක්තිමත් අයෙක් ලොව නැත. ඔබ පළමුව ඔබේ මේ අසමසම ශක්තිය හඳුනාගන්න. දෙවැනුව ඔබ ලස්සන යැයි ඔබටම කියා ගන්න. කැඩපත ඉදිරියේ හිඳ හොඳින් සිනාසී ඔබේ සුන්තරත්වය ඔබම නරඹන්න. ඒ ලස්සන ඔප කරගැනීමට කුමක් කළ යුතුදැයි සිතන්න.


ඔබ වටහාගත යුතුම දෙයක් තිබේ. එනම් ලෝකයේ කොහේවත් ලස්සනම ගැහැනුන් හෝ කැතම ගැහැනුන් කියා පිරිසක් නැතිබවයි. සිදුවී ඇත්තේ ලස්සන අය හා කැත අය යනුවෙන් අප විසින් අපවම දෙකොටසකට බෙදාගෙන හිඳීමයි. මඳකට නතරව හිඳ කල්පනා කරන්න. ලස්සනත් කැතත් යනු සාපේක්ෂ වූ දෙයක් නොවේ ද? ඔබට ලස්සන දෙය තවත් අයකුට කැත විය හැකියි. ඔබට කැතට පෙනෙන කෙනෙක් තවත් අයකුට ලසස්නට පෙනිය හැකියි.


ලෝකයේ වඩාත් ලස්සනම ගැහැනිය අයිෂ්වර්යා රායි යැයි කෙනකු කියයි. එසේ නම් ඈට සාපේක්ෂව අනෙක් ගැහැනුන් සියලු දෙනාම වැටෙන්නේ කැත යැයි පැවසෙන කාණ්ඩයට නොවේද? කරීනා, සුෂ්මිතා, ප්‍රියාංකා චොප්රා ආදී අනෙකුත් ජනපි‍්‍රය තාරකාවන් වැටෙන්නේ කැත කාන්තාවන් අතරටය. එහෙත් ඇත්තටම ඔවුන් කැත නැහැ නේද?. අයිෂ්වර්යා තරමට ලස්සන නොවුණ ද ඔවුන් ඔවුන්ගේ ලස්සන සොයාගෙන මතුකරගෙන ඇත.


එමෙන්ම කවුරුන් හෝ ඔවුන් කැත යැයි ප්‍රසිද්ධියේ පවසා ද නැත. එසේ නම් ලොවේ කොතැනක හෝ කැතම ගැහැනිය ලෙස කවුරුත් හඳුන්වා දුන් අයෙක් වේ නම් ඒ ගැහැනිය හැරෙන්නට ලොව අනෙකුත් සියලු ගැහැනුන් ලස්සනය. ඒ නිසා අපි ලස්සන වන්නට සිතට ගනිමු. අපේ ලස්සනින් පවුල දූදරුවන් ද ලස්සන කරමු.


මානසික සැහැල්ලුව, සුවබර දිවිය, ඇඳුම්, මේක්-අප් මේ ආදී දේවල් ගැහැනුන් ලස්සන කරන්නට හේතු වී තිබේ. ඔබ මොනතරම් දුක් ඉහිළුව ද වේදනා වින්ද ද එය ලෝකයට පෙන්විය යුතු නැත. එසේ නම් සිනාසෙන්න. ලස්සනට අඳින්න. මේක්-අප් කරන්න. එමඟින් වැසී ඇති ඔබේ ලස්සන ද සැබෑවටම මතුවී පෙනෙනු ඇත.


අපේ බොහෝ ගැහැනුන් විවාහ වූ පසුව ලස්සන ගැන හිතන්නේම නැත. ඇඳුම් පැලඳුම් ගැන ද දක්වන්නේ නොසැලකිල්ලකි. සමහර යෞවනියන් මෙන්ම තරුණ ළඳුන් ද තමන් කැතයැයි සිතා එහිම එල්ඹ හිඳිමින් අසතුටෙන් දිවි ගෙවයි. එහෙත් ඔබේ මේ තරුණ කාලය, මැදි විය නැවත එන්නේ නැත.


ඒ නිසා ඔබ කුමන වයසක පසුවුවත් ලස්සනට, ඔබේ සිරුරට ගැළපෙන්න ඇඳුම් අඳින්න.


මේක්-අප් කරන්න. මේවා කරන්න වයසක් බලපාන්නේ නැත. වයසක, මහලු අයකුට වුවද සුන්දරව සිටිය හැකියි. ඔබ ඔබේ වයස ගැන නොසිතා මනසින් තරුණ වන්න. ලස්සන දේ අගයන්න. ඔබ වෙනුවෙන් ලස්සන, සුන්දර දේවල් තෝරාගන්න. ගමන් බිමන් යනකොට ලස්සනට හැඩ වෙන්න.


"මම දැන් වයසයි" සිතා නො ගැළපෙන ඇඳුම්, පාවහන්, අත් බෑග් තෝරා නොගන්න. ඒවා තෝරාගැනීමේ දී ඔබේ ලස්සන මතුකර පෙන්වීමට හැකි ඒවා තෝරාගන්න. එමෙන්ම ඒවා තෝරාගැනීමේ දී බොහෝ කල්පනාකාරී වන්න. නොගැළපෙන එක් දෙයකින් වුවද ඔබේ සුන්දරත්වය වියැකී යා හැකියි. අපි මොනතරම් මිල මුදල් අහේනිවලින් පෙළුණත් එය ඔබේ ලස්සන මකා දමන්නට හේතුවක් කර නොගන්න. ලස්සනට කොණ්ඩය පීරන්න. නැත්නම් ගැළපෙන ලෙස විලාසිතාවකට කොණ්ඩය කපා ගන්න. මුහුණේ පවුඩර් ටිකක් ආලේප කරන්න. ලිප්ස්ටික් ටිකක් ගල්වන්න. අයි ලයිනර් එකක් අඳින්න. එමෙන්ම මේවා ගැල්වීමේ දී ඔබේ මුහුණට නොගැළපෙන දේවල් භාවිත කරන්න එපා. රූපලාවණ්‍යාගාරයකට ගිහින් ඔබේ මුහුණට ගැළපෙන පවුඩර් වර්ගය, දෙතොලට ගැළපෙන ලිප්ස්ටික් වර්ගය කුමක්දැයි කියා විමසා දැනගන්න. අක්‍රමවත්ව වැවී ඇති ඇහි බැමි හැඩයකට සකසා ගන්න.


මුහුණේ රෝම වැවී ඇත්නම් ඒවා ගලවා ඉවත් කරගන්න. මේ දේවල් රූපලාවණ්‍යාගාරවල සිදුකරයි. ඒ සඳහා එතරම් මිලක් වැය වෙන්නේ ද නැත. සුදු වී ඇති කොණ්ඩය ඩයිකර කළු කරගන්න. මේ සඳහා ගැළපෙන ඩයි වර්ග හෙනා වර්ග වෙළෙඳපොළේ ඇත. ඇලර්ජි පරීක්ෂාවකින් පසු මේවා ඔබට භාවිත කළ හැකියි.


මේ දේවල් ඔබේ ලස්සන වෙනුවෙන් කරන දේවල් බව සිතන්න. ඔබේ සැමියාගේ සතුට දුදරුවන්ගේ සතුට වෙනුවෙන් කරන දේවල් බව සිතන්න. දූදරුවන් හිඳීමත් විවාහ වී හිඳීමත් ලස්සන අමතක කරදැමීමට හේතුවක් කර නොගන්න. ඔබේ ලස්සන සැමියාට, දූදරුවන්ට අභිමානයකි.

tharunee

No comments

Ads Place