අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මාර්තු මස...
අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මාර්තු මස 18 වැනිදා වන තෙක් කිසිදු පියවරක් නොගෙන, දැනට පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙස අභියාචනාධිකරණය අද පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට නියෝග කළා.
ඒ අනුව කලින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක ගොනු කල රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදි.
අර්ජුන ඔබේසේකර, මායාදුන්න කොරෙයා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
මේ අතර රංජන් රාමනායක මහතා ගොනු කර ඇති මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා අද මූලික විරෝධතා ඉදිරිපත් කරන ලදී .
කෙසේවෙතත් පෙත්සම්කරුට සිරදඬුවම් නියම වී ඇත්තේ අධිකරණයට අපහාස කිරීමට අදාළ චෝදනා බැවින් එම වරද අපරාධමය ගණයට නොවැටෙන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමි වීමක් සිදු නොවන බව රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයට දැනුම් දෙන ලදී .
වැඩිදුර දේශන මාර්තු මස 18 තෙක් කල් තබන ලදී .
මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් අවධාරණය කර සිටියා.
No comments