Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විභාග මධ්‍යස්ථාන ආසන්නයේ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරින පුද්ගලයින් ගැන පොලිසිය අවධානයෙන්

  අපොස සාමාන්‍යපෙළ විභාග මධ්‍යස්ථාන ආසන්නයේ සිසුන් ඒකරාශී වන පරිදි ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරින පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යො...

 


අපොස සාමාන්‍යපෙළ විභාග මධ්‍යස්ථාන ආසන්නයේ සිසුන් ඒකරාශී වන පරිදි ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරින පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යොමු කර තිබෙනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, එලෙස නිරෝධායන රෙගුලාසි කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරන බවයි.


මේ අතර, මුව ආවරණ නොපැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම යන චෝදනා යටතේ තවත් පුද්ගලයින් 08 දෙනෙකු ඊයේ දිනය තුළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3,286 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


ඒ අතරින් පුද්ගලයින් 3,200 කට පමණ දැනටමත් නඩු පවරා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

No comments

Ads Place