Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළිකාකාර ආහාර ආනයනය පසුපස දේශපාලඥයන්..?

පිළිකා කාරක අඩංගු සහ මිනිස් පරිභෝජනයට සුදුසු නැති ආහාර ද‍්‍රව්‍ය මෙරටට ආනයනය පසුපස දේශපාලඥයන් ඇතැම්විට සිටිය හැකි යැයි රාජ්‍ය අමාත්‍ය විදුර ...



පිළිකා කාරක අඩංගු සහ මිනිස් පරිභෝජනයට සුදුසු නැති ආහාර ද‍්‍රව්‍ය මෙරටට ආනයනය පසුපස දේශපාලඥයන් ඇතැම්විට සිටිය හැකි යැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

පිළිකා කාරක සහිත ආහාර තොග මෙරටට ආනයනය කිරීම, රේගුවෙන් නිදහස් කිරීම පසුපස සිටින දේශපාලකයන්ටත් නිලධාරීන්ටත් දැඩි දඬුවම් පැමිණිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ පොල්තෙල් පමණක් නොව මිනිස් ශරීරයට අහිතකර ඕනෑතරම් ආහාර මෙලෙස ආනයනය කරන බවයි.

ජනතාවගේ ජීවිත දූෂිත දේශපාලඥයන් නිලධාරීන් නිසා අනතුරේ හෙලන්නට බැරි බවද ඔහු පැවසීය.

රට තුළ නිෂ්පාදනය කරන ආහාරවලද විස රසායන විශාල වශයෙන් භාවිත වන බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

No comments

Ads Place