Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාව අත්අඩංගුවට ගත්තොත් සරත් වීරසේකර අම්පාරේ පල්ලියට ගහන්න කියපු රෙකෝඩිං එක උසාවියට දෙනවා – අසාද් සාලි

  අම්පාර පල්ලිය කඩා දැමීම සඳහා උපදෙස් ලබා දුන්නේ සරත් වීරසේකර බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයේ හඬ පටය තමා සතුව තිබෙන නිසා ...

 


අම්පාර පල්ලිය කඩා දැමීම සඳහා උපදෙස් ලබා දුන්නේ සරත් වීරසේකර බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයේ හඬ පටය තමා සතුව තිබෙන නිසා සරත් වීරසේකර කේන්තියෙන් පසුවන බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසන බව මව්බිම පුවත්පත වාර්තා කරයි.


එහිදී ඔහු මෙසේද කීය.


ඇතැම් මාධ්‍යවල මම ප්‍රකාශ කරන දේ නෙමේ පල කරන්නේ. මම කියනනෛ් එක දෙයක් මාධ්‍යවල පළ කරන්නේ තවත් දෙයක්.ඒ මාධ්‍යවලින් ප්‍රකාශ කරන තොරතුරු නිසා සමහර බන්කොලොත් දේශපාලනඥයන් ඒ කියන්නේ විමල් වීරවංශ වගේ කණ්ඩායම් උදය ගම්මන්පිල වගේ කණ්ඩායම් ඒ ගැන කතා කළා.


අදහස් ප්‍රකාශ කරන අපට අයිතියක් නැහැ.. අපිට නිදහස නැහැ.. සති තුනකට පමණ පෙර මේ සරත් වීරසේකර අමාත්‍යවරයා කියනවා අසාද්ට උවමනා වී තිබෙන්නේ අත්අඩංගුවට පත්වෙලා වීරවරයෙක් වගේ එළියට එන්න කියලා. එවැනි අදහසක් මට නෑ .මේ පාස්කු ඉරිදා කොමිසමෙන් එවපු වාර්තා වල ඔවුන් බලාපොරොත්තු වූ නම් නෑ. සරත් වීරසේකර මහත්තයට තියෙන කේන්තිය තමයි මේ ආණ්ඩුව බලයට පැමිණි දවසේ ඉඳන්ම මම දිගින් දිගටම ප්‍රකාශ කළා අම්පාර පල්ලි කඩා දැමීමට උපදෙස් දුන්නේ සරත් වීරසේකර කියලා.


මත්‍රීපාල සිරිසේන මහතා පවසන කතාවේ රෙකෝඩින් එක මගෙ ළඟ තියෙන නිසා සරත් වීරසේකර අමාත්‍යවරයා මාව අත්අඩංගුවට ගත්තොත් උසාවියට මාව දාන්න වෙනවා එතකොට උසාවිය මම ඒ ඔක්කොම දෙන්නම්. මුලින්ම මේ පැමිණිලි මාධ්‍යයට කියන්නේ ජාතියක් ජම්මයක් නැති මුසම්මිල්. ලොක්කා කව්ද? වමල් වීරවංශ, ජයන්ත සමරවීර මේ තුන්දෙනාම හිරේ ගිහින් ආපු කට්ටිය. මට කියන්න ඕන නෑ ෂරීයා ඕන නම් සෞදි යන්න කියලා. මුස්ලිම් නීතිය මෙහේ තියෙනවා. ඒක සරත් වීරසේකර දුන්න දෙයක් නෙමෙයි.ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීප දෙයකුත් නෙවෙයි, මේ රටේ මුස්ලිම් ජනතාවට මුස්ලිම් නීතිය තියෙනවා. පහර ගහන්න යනකොට තමයි සරත් වීරසේකරගේ අන්තවාදය හැදෙන්නේ. අසාත් සාලි අන්තවාදයක් හැදෙන්නේ නෑ . ආදරේ තමයි හැදෙන්නෙ යනුවෙන් ඔහු පැවසීය

noizetv

No comments

Ads Place