Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුර්කාව තහනම් කිරීමේ නියෝගය අද අමාත්‍ය මණ්ඩලයට

  බුර්කාව තහනම් කිරීමට අදාල නියෝගය බොහෝ දුරට අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් ...

 


බුර්කාව තහනම් කිරීමට අදාල නියෝගය බොහෝ දුරට අද දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. ඔහු කියා සිටියේ සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි කාන්තාවන් අඳින ඇඳුම මෙහිදී තහනම් වනු ඇති බවයි. ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කලා.


බුර්කාව තහනම් කිරීමට අදාල නියෝගයට ඉකුත් දා තමන් අත්සන් කල බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පෙරේදා ප්‍රකාශ කලා. ඔහු කියා සිටියේ ආගමික අන්තවාදීන් පිරිසක් විසින් ඉකුත් සමයේදී මෙම බුර්කාව පැළදිය යුතු බවට වන සම්ප්‍රදාය ගෙන ආ බවයි. මීට පෙර මුස්ලිම් කාන්තාවන් එවැනි බුර්කා පැළදීමක් සිදුනොකළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා. 


එමෙන්ම රට තුල ලියාපදිංචි නොවූ මද්‍රසා පාසැල් දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත් නිසි නියාමනයක් නොවීම හේතුවෙන් ඒවා ඉදිරියේදී වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍ය සරත් වීරසේකර පවසනවා. 


මේ අතර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ නියෝගයන් රජය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ද නිකුත් කරනු ලැබුවා. ඒ අනුව එම වරදට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරිම සම්බන්ධයෙන් වන නියෝග එහි ඇතුලත්.

No comments

Ads Place