Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘අපි වැඩ කරන්න පකිස්තානයේ වගේ නොවෙයි.. අපට ඔ්න විදිහටයි…’- බුර්කා තහනමට පකිස්තාන විරෝදය ගැන ඇමති සරත් වීරසේකර…

  මෙරට තුල බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නොසතුට පළ කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා අදහස් පල කරයි. ඔහු පෙන්වා දෙන...


 මෙරට තුල බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පකිස්ථාන රජය නොසතුට පළ කිරීම ගැන මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා අදහස් පල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ පාකිස්තාන රජය ලෙස නොවන බවයි.

‘ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් තමයි තියෙන්නේ. පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපේ රජයට ඕන විදිහටයි. කැබිනට් එකේ සාකච්ඡා වෙලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා සෑහෙන්න වැඩ කොටසක් තියෙනවා කරන්න. ඉතින් අපි බලමු කොහොමද මේකට ඉදිරි ප්‍රතිචාර කියලා’

බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට ඇමති සරත් වීරසේකර මහතා පසුගියදා අත්සන් තබන ලදි.

නමුත් අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේ දී එය සාකච්ඡාවට ගෙන නැත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ බුර්කාව තහනම් කරන්නේ ඒ ගැන ප්‍රමාණවත් සංවාදයක් සිදු කිරීමෙන් පසුව බවයි.

lankacnews

No comments

Ads Place