Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සීගිරියේ ඉඩම් පැවැරුම වහාම අවලංගු කරයි

  හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් ඥාතීයකුගේ නමින් ගෙන ඇති සීගිරියේ ඉඩම් වහාම අවලංගු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ....

 


හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් ඥාතීයකුගේ නමින් ගෙන ඇති සීගිරියේ ඉඩම් වහාම අවලංගු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා නියෝග කර තිබේ.",

                     "හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් ඥාතීයකුගේ නමින් ගෙන ඇති සීගිරියේ ඉඩම් වහාම අවලංගු කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා නියෝග කර තිබේ. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සීගිරිය අවශේෂ කැලෑ ඉඩම් ව්‍යාජ ලෙසට භුක්තියට ගෙන ඇති බව අනාවරණ වීමෙන් අනතුරුව මෙම නියෝගය කළ ආණ්ඩුකාරවරයා මෙම ඉඩම් ලබාගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් කැඳවීමටද තීරණය කළේය. අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන ආකාරයෙන් මෙම ක්‍රිකට් ක්‍රීඩකයාගේ අඩු ආදායම්ලාභීන් නොවන ඥාතීන්, අඩු ආදායම්ලාභීන් ලෙසට ව්‍යාජ සහතික ගෙන මෙම ඉඩම් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බැවින් ව්‍යාජ සහතික ලබාදුන් ග්‍රාම නිලධාරි සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසට මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතාට උපදෙස් දුන් ආණ්ඩුකාරවරයා මෙම ග්‍රාම නිලධාරිගේ දරුවකු ක්‍රිකට් ක්‍රීඩකයාගේ සහාය ඇතිව මහනුවර උසස් පාසලකට ඇතුළත් කර ඇති බවට තොරතුරු ඇති බව පැවැසීය. දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා කතා කරමින් පළාත් පාලන ආයතනයට තිබූ බලය උදුරාගෙන ඇති බැවින් මෙම ඉඩම් ජාවාරම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

No comments

Ads Place