Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රත්නපුරේ මැණික් නිධියක්… රත‍්‍රන්ද හමුවේ…

  පසුගිය කාලය පුරාම ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබූ රත්නපුර හැරණියාවක මැණික් නිධියේ කැණීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර එහි වර්තමා...

 


පසුගිය කාලය පුරාම ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබූ රත්නපුර හැරණියාවක මැණික් නිධියේ කැණීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර එහි වර්තමාන තත්ත්වය සොයා බැලීමට පසුගියදා (24 වැනිදා) පැමිණි රාජ්‍ය මැණික් සංස්ථාවේ සභාපති තිලක් වීරසිංහ අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ හැරණියාවක මැණික් නිධියේ ප්‍රශ්න ගැටලු සියල්ල මේ වන විට අවසන්ව ඇති බවය. එහි සියලු කටයුතු ඉතාමත්ම විනිවිද භාවයෙන් හා කාර්යක්ෂමව සිදුවන බව ද හේ කීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

‘මෙම මැණික් නිධිය තමයි රාජ්‍ය මැණික් සංස්ථාව එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදුකරනු ලබන විශාලම ව්‍යාපෘතිය. මෙහි කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන්නේ රුපියල් කෝටි දහතුනහමාරක මුදලකට. මෙහි කොන්ත්‍රාත්තුව පිරිනමා තිබෙන්නේ 2017 වසරේ යහපාලන රජය මගින්. නමුත් විවිධ ගැටලු නිසා මෙහි වැඩ ආරම්භ කිරීම ප්‍රමාද වී තිබුණා.

නමුත් වර්තමාන රජය පත්වීමෙන් අනතුරුව ජනාධිපති හා අගමැති මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යාංශයක් අලුතින් ඇතිකර ලොහාන් රත්වත්ත එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර මෙහි කටයුතු ඉතාමත් විනිවිද භාවයෙන් ආරම්භ කිරීමට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි මෙහි කැණීම් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන්නේ.

මෙහි මැණික් විතරක් නෙවෙයි මේ වන විට රත්‍රන්ද හමුවනවා. මේ වන විටත් ඉල්ලමට පාදා නැති වැලි ආශ්‍රිතව පමණක් මැණික් කිලෝ පහක් පමණ ලැබී තිබෙනවා. මේ ගමේ අයටත් අලුත් අවුරුද්ද සතුටින් සමරන්න අවශ්‍ය මුදල් ලබා දෙන්න මෙම මැණික් ඉදිරි දිනකදී වෙන්දේසි කරන්න කටයුතු කරනවා.

මුලදී ගම්වාසීන් හා විවිධ පිරිස් මෙයට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගනු ලැබුවත් දැන් ඒ සියලුදෙනාට මෙහි යථා තත්ත්වය තේරුම් ගොස් තිබෙනවා. මේ සඳහා මේ වන විට කිරිඇල්ල හා ඉඩංගොඩ යන ප්‍රදේශවල ප්‍රජාමූල සංවිධාන හයක් සම්බන්ධ කරගෙන ඒ හරහා මෙම ප්‍රජාමූල සංවිධාන තුනට සම්බන්ධ සියලු ගම්වාසීන් මෙයට දායක කරගෙන තිබෙනවා. ලැබෙන මැණික්වල ආදායමෙන් 25%ක් ඔවුන්ට ලබා දෙනවා. කොන්ත්‍රාත්කරුට 25%කුත් ලැබෙන අතර ඉතුරු 50% ලැබෙන්නේ රාජ්‍ය මැණික් සංස්ථාවටයි ඒ කියන්නේ රජයටයි.

මේ සියලු කටයුතු සිදුවන්නේ ඉතාමත් විනිවිද භාවයෙන් දැඩි ආරක්ෂාවක් යටතේයි. සෑම තැනම සී.සී.ටී.වී කැමරා පද්ධතියක් පැය 24 පුරාම ක්‍රියාත්මක වනවා. මෙහි එක වැලිකැටයක්වත් කිසිම කෙනෙකුට පිටතට ගෙන යන්න බෑ. මැණික් ඉල්ලම් ගන්න ගඟට බසින සියලු සේවකයන් දැඩි පරීක්ෂාවකට ලක්කරලයි මේ කටයුතුවලට සම්බන්ධ කර ගන්නේ. ලැබෙන මැණික් සියල්ල දැඩි ආරක්ෂිතව තැන්පත් කර තබා සුදුසු අවස්ථාවකදී ඒවා වෙන්දේසි කරනවා.
මේ තුළින් ගමේ ඉන්න අසරණ ජනතාවට විශාල මුදලක් ලැබෙනවා. ඒ තුළින් ඔවුන්ට නිවසක් තනාගෙන ඉදිරියේදී සතුටින් ජීවත්විය හැකි පරිසරයක් ඇති කිරීම අපේ පරමාර්ථයයි. ඒ අයත් දැන් දැඩි සතුටකින් මෙහි සේවය කරනවා. දැන් මෙයට එරෙහි වූ අයට මෙහි ඇත්ත තේරුම් ගොස් තිබෙනවා. මෙයට සම්බන්ධ වීමට විවිධ අය ඉල්ලීම් කළත් අපි මෙයට සම්බන්ධ කර ගන්නේ මේ ප්‍රජාමූල සංවිධාන තුනට අයත් සාමාජිකයන් පමණයි. නැත්නම් මුළු රත්නපුරේම අය මෙයට සම්බන්ධ කර ගන්න සිදුවනවා. එයකරන්න අපහසුයි.

No comments

Ads Place