Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගල්කොරි දෙකක ගල් ලොරි නතර කර ගම්වාසින් උද්ඝෝෂනයක…

  නාවලපිටිය හොල්ගම ප්‍රදේශයේ පිහිටි ගල්කොරි දෙකක කඩන ගල් ප්‍රවාහන ලොරි රථ වලින් ප්‍රවාහනය කිරිමේදි විශාල පරිසර හානියක් සිදු වන බව පවසමින් ගම...

 


නාවලපිටිය හොල්ගම ප්‍රදේශයේ පිහිටි ගල්කොරි දෙකක කඩන ගල් ප්‍රවාහන ලොරි රථ වලින් ප්‍රවාහනය කිරිමේදි විශාල පරිසර හානියක් සිදු වන බව පවසමින් ගම්වාසින් පිරිසක් ලොරි රථ හරස් කරමින් (05) දින දහවල් උද්ඝෝෂයක නිරත විය.

ගල් කොරි දෙකේ සිට දිනකට ටිපර් රථ පන්සියක් පමණ හොල්ගම හරහා ධාවනය වන බවත්, කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර අතරමග නතර කර ඇති හොල්ගම මාර්ගයේ දුවිල්ල ප්‍රධාන මාර්ගය අභියස පිහිටි තම නිවාස තුලට පැමිණෙන බවත්, පවත්නා තත්ත්වය මත ගම්වාසින් විවිධ ශ්වසන රෝග වැලදිමේ අවධානමක් ලක් වි ඇති බවයි උද්ඝෝෂණයේ නියැලි ගම්වාසින් කියා සිටින්නේ.

තමන් පානිය ජලය ලබා ගන්නා ජල මුලාශවලටද ටිපර් රථ ධාවනය කිරිමෙන් ඇති වන දුවිල්ල මුසුවිම නිසා පානිය ජල ගැටළුවක්ද මතු වි ඇති බවත්, මෙයට විසදුමක් ලබාදෙන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා ටිපර් රථවලට ධාවනය කිරිමට අවස්තාව නොදෙන බවයි ගම්වාසින් කියා සිටියේ.

ගල් ප්‍රවාහනය කරන ටිපර් රථ අයිතිකරුවන් එම මාර්ගයට දිනකට අවස්තා කිහිපයකදි දුවිල්ල විහිදිම අවම කිරිම සදහා ජල බවුසර් යොදා ගනිමින් ජලය ඉසින බවට පොරොන්දු වුවද එය සිදු නොකරන බවයි උද්ඝෝෂනයේ නියැලි සිටි හොල්ගම ගම්වාසින් කියා සිටියේ.

ගම්වාසින්ගේ උද්ඝෝෂණය හමුවට පැමිණි නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතා සහ නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම පිරිස සමග සාකච්ඡා කර යලිත් එම මාර්ගයේ ටිපර් රථ ධාවනය තාවකාලිකව නතර කරන බවට ලබාදුන් පොරොන්දුවක් මත හොල්ගම ගම්වාසින් විසින් ආරම්භ කර තිබු උදඝෝෂණය තාවකාලිකව නතර කලහ.

කිලෝමිටර් 4 ක් පමණ වු එම මාර්ගයේ ගල් පැටවු ටිපර් රථ යලිත් ධාවනය නොකිරිමටත් , විකල්ප මාර්ග ඔස්සේ එම ටිපර් රථ ධාවනය කරවන ලෙසටත් සභාපතිවරයා සහ පොලිසිය රියදුරන්ට උපදෙස් ලබාදුන්හ.

No comments

Ads Place