Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නෑදෑ හිත මිත්‍රකම් – දැන හැදුනුම්කම් මත රාජ්‍ය සේවය වෙනස් නොකරන්නැයි දන්වයි..

  නෑදෑ හිත මිත්‍ර කම් – දැන හැදුනුම්කම් මත හො රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය නොවෙනස් විය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ...


 නෑදෑ හිත මිත්‍ර කම් – දැන හැදුනුම්කම් මත හො රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය නොවෙනස් විය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටීයේය.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (15) පැවති රාජ්‍ය සේවා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වු අවස්ථාවේදීය.

2019 වර්ෂයේ 1 සහ 2 අදියර යටතේ අභ්‍යාසලාභී උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්ව සිය පුහුණුව අවසන් කළ මහත්ම මහත්මීන් 329 ක් මෙදින ස්ථිර සේවයට එක් කිරීම සිදු වු අතර, මීට අමතරව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් පවත්වන ලද විවෘත තරග විභාග මගින් තෝරාපත් කරගත් සමූපකාර සංවර්ධන නිලධාරීන් 25ක්, ප්‍රඡා සංවර්ධන නිලධාරීන් 12ක්, ජනපද නිලධාරීන් 4ක් සහ බදු නිලධාරීන් 2ක් රාජ්‍ය සේවය වෙත බදවා ගැනීම මෙදින සිදුවිය.

නව පත්වීම් ලාභීන් 372 ක් ඒ අනුව රාජ්‍ය සේවයට මෙදින එක් වු අතර, පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රීක්ක නියෝජනය වන පරිදි පත්වීම්ලාභීන් 50ක් පමණක් පත්වීම් ලබා දීමේ උත්සවයට කැඳවා තිබුණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ඇතැම් රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය මත නීති‍විරෝධි කටයුතු වලට කූඨ ලේඛන හරහා නීත්‍යානුකූල භාවයක් එක් කිරීම සදහා කටයුතු කිරීම් සම්බන්ධයෙන් නීතීය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනු ලබයි.

එහි එක් සිද්ධියක් වශයෙන් සීගීරිය ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කිරීම ආණ්ඩුකාරවරයා පෙන්වාදුන් අතර, ‍ශ්‍රී ලංකා පොලීසිය හරහා අපරාධ නඩුවක් වශයෙන් සළකා අදාල සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඩුවම් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තමා කටයුතු කරන බවත්, ඒ සදහා මේ වන විටත් මාතලේ දිස්ත්‍රීක් ලේකම්වරයා වෙත උපදෙස් ලබාදීම ඇති බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී සදහන් කර සිටියේය.

පළාත් ප්‍රධාන ලේකම්, පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් , පළාත් අමත්‍යාංශ වල ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සදහා එක් ව සිටියේය.

lankacnews

No comments

Ads Place