Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුස්ලිම් මෘතදේහ වැළලීමට මඩකලපුවෙන් අක්කර දෙකක්

  කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද...


 කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී මහතා පැවසීය.

 
ඒ අනුව ජනාසා භූමදාන කටයුතු සඳහා වළවල් හෑරීමේ කටයුතු ආරම්භ කර ඇති  බවද ඒ මහතා පැවසීය.
 
සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ බවද ඔහු කීය.
 
අමීර් අලී මහතා වැඩිදුරටත් පැවසුවේ කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.

No comments

Ads Place