Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෲඩියා සෙලනිකා ගස මගහැර පාර හදන්න අමතරව කෝටි 860ක් යනවා… 1970 න් පසුව තමයි මේ වගේ සංවර්ධනයක් කරන්නේ..

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක මාර්ග රැසක...


මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක මාර්ග රැසක සංවර්ධන කටයුතු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.

මෙම මාර්ග වල සම්පූර්ණ දුර කිලෝමීටර් 80කි. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ඉදි කරන මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් මාස 18ක කාලයක් තුල අවසන් කල යුතු වේ. මෙම මාර්ග ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 6745ක් වැය වේ. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මාර්ග සංවර්ධනය කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා….

මෙම මාර්ග සංවර්ධනය කරන්න කැබිනට් අනුමැතිය ලැබිලා තිබුණෙත් නැහැ. ටෙන්ඩර් පටිපාටිය අවසන් වූ විගස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් එකෙදි අපි ගිය සඳුදා අනුමැතිය ගත්තා. බිලියන 6.7ක් මෙම මාර්ග හදන්න වැයවෙනවා. තලාව හංදියෙන් පටන් අරගන කැකිරාව පාරෙ අනුරාධපුර ප්‍රධාන මාර්ගය ගාවට කිලෝමීටර් දහයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී හදල තියෙන්නේ. මම හිතුවේ ගිය අවුරුදු පහේ ඒක හැදුවේ කියලා. 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහාමාර්ග ඇමතිතුමා හැටියට මේ මාර්ගය අවසන් වන කොටසේ කිලෝමීටර් දහයක් හදලා තියනවා. කැකිරාව – අනුරාධපුර – ගනේවල්පොල මාර්ගය අපි හදනවා. අර කෲඩියා සෙලනිකා ගහ අතහැරලා අධිවේගී මාර්ගය හදනවා නම් බිලියන 8.6ක්, කෝටි වලින් නම් ඒක 860ක්, ලක්ෂ වලින් නම් 86,000ක් වැඩිපුර වියදම් වෙනවා. ඒ ගැන තවම අපි තීන්දුවක් අරගෙන නැහැ.

මෙම මාර්ගය 1970න් පස්සේ හදලා නැහැ. මේක අති දුෂ්කර මාර්ගයක්. මේ මාර්ගය හදන්න තීන්දු කරලා ජනාධිපතිතුමාගේ අවසරය අරගෙන ඇස්තමේන්තු සකස් කරලා ටෙන්ඩර් කරද්දි ජෙ.වී.පී අය දැනගත්තා මේ පාර හදන්න යනවා කියලා. එනිසා ඔවුන් බෝඩ් ගහලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මේ මාර්ගය 2014දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සංවර්ධනය කරන්න මුදල් වෙන් කරලා තියෙද්දී එතුමා පරාජයට පත්වුණා. නැත්නම් මේ මාර්ගය 2017 වෙද්දි හදලා ඉවරයි. එදා යහපාලන ආණ්ඩුවේ මේ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෝ ඇවිල්ලා මේ මාර්ගය වික්කා. ඒ අය කිව්වේ මේ මාර්ගය පහුගිය ආණ්ඩුවට හදන්න බැරි වුණා අපි බලයට ආව ගමන් හදනවා කියලා. ඒත් එක අඟලක්වත් මෙයාලට හදාගන්න බැරි වුණා. පාර හදනවා වෙනුවට කළේ මේ දිස්ත්‍රික්කයේ ජනතාව රවට්ටපු එකයි. ඒ නිසා තමා ඔබලා කිව්වෙ මේ මාර්ගයට මුල්ගල් තියලා මුල්ගල් පැළවෙන්න ඇරිය කියලා. කබීර් හෂීම්, පී.හැරිසන් ඇවිත් තමයි 2019 දි මේ මාර්ගයට මුල්ගල් තිබ්බේ. එක අඟලක් හැදුවේ නැහැ. ඊලඟට කරේ ජනතාව උසිගන්වලා පාර දෙපස බෝඩ් ගහපු එකයි. “හදන් නැතුව නැතිව ගමට එන්න ලැජ්ජ නැද්ද” කියලයි එදා බෝඩ් ගැහුවේ. මේක දුෂ්කර මාර්ගයක්. දවස් 365ක් යන්න කලින් මේ මාර්ගය හදල අවසන් කරනවා කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා.

අපේ ආණ්ඩුව මුල්ගල් පැලවෙන්න හරින ආණ්ඩුවක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙන් පසු කිසිම සංවර්ධන කටයුත්තක් අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබුණේ නැහැ. ඒක තමයි තිත්ත ඇත්ත. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන යනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 500කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරිමට වැඩ ආරම්භ කර තියෙනවා. අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා සෑම ග්‍රාමසේවා වසමකම නිවසක් සහ කඩයක් ලබා දීමේ ව්‍යාපෘතියක් මේ මස 08 වන දිනට යොදෙන ලෝක කාන්තා දිනයේදී ආරම්භ කරනවා. එදා සජිත් ප්‍රේමදාස මහත්තයා තංගල්ලේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කලා නම් පෝස්ටර් ගැහැව්වේ යාපනයේ. කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කලා පෝස්ටර් වලට. තාත්තාගේ පුරුද්ද පුතාටත් ගියා.

කොවිඩ් පාලන එන්නත මාස 03ක් වැනි කාලයක් ඇතුලත රටේ සියළුම දෙනාට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රේමදාස කල්ලිය, රාජිත කල්ලිය, චම්පික කල්ලිය, දිසානායක කල්ලිය මේ එන්නත සම්බන්ධයෙන් වැරදි මතවාදයක් රටේ ඇතිකරන්න උත්සාහ කලා. එම අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා අපේ සියළුම අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දුන්නා මුලින්ම මේ කොවිඩ් පාලන එන්නත විදගෙන රටේ ජනතාව තුල මෙම එන්නත ගැන විශ්වාසක් ඇති කරන්න කියලා. එසේ විශ්වාසය ජනතාව තුල ඇති කරන්න තමයි අපි මුලින්ම එන්නත ලබා ගත්තේ. නමුත් විපක්ෂය රටේ කතිකාවතක් ඇති කලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුලින්ම එන්නත ලබා දුන්නා කියලා. බැරි වෙලාවක් අපි මේ එන්නත විදිගන්නේ නැතිව හිටියා නම් ප්‍රේමදාස ඇතුළු බංකොලොත් කල්ලිය රටට කියනවා මේ එන්නත බාලයි. මේක විෂයි. ඒ නිසා තමයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මෙම එන්නත විදගන්නේ නැත්තේ කියලා. අන්න ඒ නිසයි අපි බය නැතිව ගිහිල්ලා මේ එන්නත විදගත්තේ.

ජනාධිපතිතුමාට අගමැතිතුමාට අද ගහනවා. ඇතුලෙනුත් අපේ සමහර අය අද ගහන්න උත්සහ කරනවා. දැන් අනුර දිසානායක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මඩ ගහනවා. ආණ්ඩුවට මඩ ගහනවා. අනුර දිසානායක මහත්තයා කාවද දැන් බලයට ගෙන එන්න හදන්නේ. එයා මේ රටේ ජනාධිපති වෙන්නද හදන්නේ. එයා මේ රටේ අගමැති වෙන්නද හදන්නේ. එයාගේ පක්ෂය මේ රටේ රාජ්‍ය බලය ලබා ගන්නද හදන්නේ. ලාල්කාන්ත ෆේස්බුක් එකේ කියනවා අනිවාර්යෙන්ම ජ.වි.ප ය මේ රටේ ආණ්ඩුවක් හදනවා කියලා. ඒකට පිළිතුරක් දීලා තිබෙනවා “සහෝදරයා ආණ්ඩුව හදන්නේ හීනෙන්ද කියලා”. දිසානායකලා, ලාල්කාන්තලා කාට විරුද්ධවද මේ කටයුතු කරන්නේ. කාව බලයට ගේන්නද මේ හදන්නේ. මානව හිමිකම් කොමසාරිස් කතා කරන්නේ කාව බලයට ගෙනෙන්නද. මේ සියළු දෙනා එකතුවෙලා කටයුතු කරන්නේ ප්‍රේමදාසලා, රාජිතලා, චම්පිකලා ආයේ බලයට ගෙනෙන්න. කොටියා ගිහිල්ලා ජාත්‍යන්තරය කලඹවන්නෙත් මේ හේතුව නිසයි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

No comments

Ads Place