Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට කොවිඩ් ආසාදිතයින් සීමාව 79,000 පසු කරයි

  මෙරට කොරෝනා දෙවන රැල්ලෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව පසුකර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය දක්වා වාර්තා වූ ආසාදිතයින් 352 දෙනා සම...

 


මෙරට කොරෝනා දෙවන රැල්ලෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව පසුකර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය දක්වා වාර්තා වූ ආසාදිතයින් 352 දෙනා සමග සමස්ත සංඛ්‍යාව 79,089 ක් දක්වා ඉහළ ගියා.


 කෙසේවෙතත් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පහළ ගොස් ඇති බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.


ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 7 ක් ද වාර්තා වුවද එම මරණ ඊයේ දිනයේ පමණක් සිදුවූවා නොවන බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.


මෙරටින් කොරෝනා ආසාදිතයින් 83,000 කට වැඩි සංඛ්‍යාවක් හදුනාගෙන ඇතත් ඉන් තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3,683 දෙනෙකු පමණයි. එය සමස්ථ ආසාදිතයින්ගෙන් සියයට 4 යි දශම 4 ක්. සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 78,947 ක්. එය සමස්ථ ආසාදිතයින්ගෙන් සියයට 95 ක් වනවා.

No comments

Ads Place