Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රන්ජන් ගැන තීරණයක් අප්‍රේල් මස 5 වැනිදා

 අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇ...


 අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න නියෝගය අප්‍රේල් මස 5 දා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.


ඒ අනුව පෙපෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරකරනවාද නැද්ද යන්න නියෝගය ද මීළඟ දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් නියෝගය පිළියෙළ කර නොමැති බැවින් එය අප්‍රෙල් මස 5දාට කල් තැබීමට විනිසුරු අර්ජුන ඔබේසේකර, සහ විනිසුරු මායාදුන්නේ කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා .


සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මෙම රිට් පෙත්සම ගොනු කරන ලදි.


මිනීමැරුම් චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (c) වගන්තිය අනූව පාර්ලිමේන්තු සැසිවාර සදහා යෑමට පාර්ලිමේන්තු මහලේකම්වරයා අවසර ලබා දුන් බව රංජන් රාමනායක සිය පෙත්සමෙන් අවධාරණය කර සිටියි.

No comments

Ads Place