දේශීය ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඇස්ට්‍රාසෙන්කා එන්නත ආනයනය කිරිම තාවකාලිකව අත්හිට...
දේශීය ඉල්ලුම වැඩිවීම හේතුවෙන් ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඇස්ට්‍රාසෙන්කා එන්නත ආනයනය කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම හේතුවෙන්ය. ගතවූ පැය 24 ක කාලය තුලදී එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 53,476ක්.
පවතින මෙම තත්ත්වය නිසා ඉන්දියාවේ වයස අවුරුදු 45ට වැඩි සෑම පුද්ගලයෙකුටම කොව්ඩ් එන්නත ලබාදීමට එරට රජය තීරණය කර ඇත.
මේ හේතුවෙන් අඩු ආදායම්ලාභී රටවල් 64 කට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන කෝවැක්ස් පහසුකම යටතේ එන්නත් ලබාදීමේ ක්‍රමවේදයටද මෙමගින් බාධා එල්ල්වී ඇත.
යුනිසෙෆ් ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග මේ වන විටත් සාකච්ජා කිරිම ආරම්භ කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ඉන්දියාව විසින් මේ වන විට කෝවැක්ස් එන්නත් මාත්‍රා මිලියන 17.7ක් ලබාදී ඇත.
මිට අමතරව ඉන්දියාව විසින් අපනයනය කර ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය මිලියන 60.5ක් වනවා.
No comments