Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

  කොරෝනා ආසාදිතයින් 310 දෙනෙකු ඊයේ මෙරටින් හදුනා ගැනුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තලංගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.  කොවිඩ් 19 පැතිරී...

 


කොරෝනා ආසාදිතයින් 310 දෙනෙකු ඊයේ මෙරටින් හදුනා ගැනුනු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තලංගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. 


කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 29 දෙනෙකු ඊයේ වාර්තා වූ බවයි. 


කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 34 ක්. 


යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 24 දෙනෙකුද ඊයේ වාර්තා වුණා. 

ඊයේ දිනයේදි මෙරටදී පී සී ආර් පරීක්ෂණ 9822ක් සිදුකර තිබෙනවා. 

මේ අතර මෙරටදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්ධන එන්නත ලබාගත් පිරිස මේවනවිට ලක්ෂ 05 ඉක්මවා තිබෙනවා. 


ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 42,925 දෙනෙකු කොරෝනා මර්ධන එන්නත ලබාගත් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. 


මේ අතර කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙලක්ෂ 50,000 ක් ඉදිරියේදී මෙරටට ලැබෙන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ. 


ඒ අනුව මේවනවිට මෙරටදී කොරෝනා මර්ධන එන්නත ලබාගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂ 9,275 ක්. මේවනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 83,552 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 


ඉන් ආසාදිතයින් 79,422 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 


රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,654 ක්. 

nethnews

No comments

Ads Place