Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිලියන 26ක මුහුදු කූඩැල්ලන් අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ පසුගියදා (09) සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන්...


ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ පසුගියදා (09) සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1189කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


 මුහුදු මාර්ග ඔස්සේ සිදු කරනු ලබන නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානය මගින් මාර්තු 09 වන දින තලෙයිමන්නාරමට ආසන්න මුහුදු තීරයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවන් දෙකක් පරීක්‍ෂාවට ලක් කර එම ඩිංගි යාත්‍රා තුල තිබූ උර 24 ක අසුරන ලද වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1189 ග්‍රෑම් 83 ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් සිව් දෙනෙක් සහ එම ඩිංගි යාත්‍රාවන් නාවික හමුදා භාරයට ගැනීම සිදු විය. මෙහිදී නාවික හමුදා භාරයට ගත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයේ වෙළඳපල වටිනාකම රුපියල් මිලියන 26කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

No comments

Ads Place