Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උදයංග වීරතුංගගේ “සංචාරක බුබුල” සංකල්පය යටතේ කසකස්තානුවන් 235 ක් මත්තලට

  “සංචාරක බුබුල” සංකල්පය යටතේ, අද (04) සංචාරකයින් 235 දෙනෙකු මත්තලට පැමිණ ඇතිබව උදයංග වීරතුංග මහතා පවසයි. එසේම මෙතෙක් පැමිණි යුක්රේනියානු හා...


 “සංචාරක බුබුල” සංකල්පය යටතේ, අද (04) සංචාරකයින් 235 දෙනෙකු මත්තලට පැමිණ ඇතිබව උදයංග වීරතුංග මහතා පවසයි.

එසේම මෙතෙක් පැමිණි යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයින් 4,357 ක් අතරින් 09 දෙනකුට පමණක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව 99.99% ආසාදිතයන් නොවන බව සනාථ වී ඇති අවස්ථාවක, සංචාරකයන් දින 14ක් හෝටල් තුල හිරකරගෙන සිටීමට හේතුව නිලධාරීන්ගේ මෝඩකම ද? එසේ නැතිනම් නිරෝධායන සෞඛ්‍ය මාර්ගෝපදේශ මුවාවෙන් මුදල් ඉපයීමේ ක්‍රියාවලිය ද යන්න සිතාගත නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අතර “හොඳ රටකින්” සංචාරකයන් රැගෙන එන බවට කයිවාරු ගැසු සංචාරක බලධාරීන්, දැන් සංචාරකයන් නොපැමිණිමට හේතු සොයමින් රටට නොමිලේ විහිළු සැපයීම මාධ්‍ය හරහා දැකගත හැකි බවද ඔහ සඳහන් කරයි.

No comments

Ads Place