Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වේල්ලවීදියේ හිස නැති කඳට බිරිඳ ද දුවදැයි දැනගන්න කෝල් 200ක්

 වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (02) පමණක් දුරකථන ඇමැතුම් 200...


 වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (02) පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇතැයි වාර්තා වේ.",

                    "වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (02) පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇතැයි වාර්තා වේ. මෙසේ දුරකථන ඇමතුම් දී ඇත්තේ එම සිරුර පැනගිය දියණියන් හා බිරින්දෑවරුන්ගේ දැයි තහවුරු කරගැනීමටය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම විදෙස්ගතව සිටින අයගෙන් පවා වේල්ලවීදිය පොලිස්ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චිගේ දුරකථනයට මෙලෙස ඇමැතුම් ලැබී තිබේ. මියගිය තරුණියගේ බාහිර ස්වරූපය අනුව තම දියණියගේද, බිරිඳගේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඇතැමුන් ඡායාරූප පවා පොලිසියට එවා ඇතැයි වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙරේදා (02) මෙම සිරුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නැයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරයෙන් පසු මෙම ඇමැතුම් ලැබී තිබේ. DNA පරීක්ෂණයක් මේ අතර, එම කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරයා විසින් එම මෘත ශරීරය තම නැගණියගේ බවට හඳුනා ගත්ත ද එය ප්‍රමාණවත් නොවන බැවින් වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා මෙලෙස ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. ඒ අනුව, අද (04) දිනයේදී ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය. ඝාතනයට ලක් වූ කාන්තාවගේ හිස මෙතෙක් සොයාගෙන නොමැති අතර එය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය. හිස කොහෙද? නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, අදාළ කාන්තාවගේ හිස සැකකාර උප පොලිස් පරීක්ෂයා අත තිබූ කුඩා බෑගය තුළ තිබෙන්නට ඇතැයි සැක කරන බවය.බොහෝ දුරට සැකකරු කරේ එල්ලාගෙන යන එකේ හිස සහිතව රැගෙන ගියා ද කියන සැකය තියෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ කරනවා,යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. ලිංගික අතවර වෙලා නෑ මේ අතර, කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා ද මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.වෛද්‍යවරු තීරණය කරලා තියෙනවා ලිංගික අපරාධයක් සිදුවෙලා නෑ කියන එක සම්බන්ධව. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගන්න පුළුවන්.

sri lanka mirror

No comments

Ads Place