Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් නිසා මියගිය දින 20ක ළදරුවා ආදාහනය කිරීම අභියෝගයට ලක් කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

  කෝවිඩ් 19 ආසාදනය වී මියගිය දින 20 ක් වයසැති ළදරුවා ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 25 දා සලකා බ...

 


කෝවිඩ් 19 ආසාදනය වී මියගිය දින 20 ක් වයසැති ළදරුවා ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මස 25 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.


මෙම පෙත්සම අද (29) දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ විනිසුරු යසන්ත කෝදාගොඩ පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව දැනුම් දී තිබෙනවා.


තම පියා වෛද්‍යවරයකු ලෙසට කටයුතු කර ඇති බැවින් මෙම පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව කෝදාගොඩ දැනුම් දුන්නා.


මියගිය ළදරුවාගේ දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මීළඟ දින සලකා බැලීමට නියමිතයි.


අද දින මෙම පෙත්සම විනිසුරු ප්‍රියන්ත ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවන ලදි.


කෝවිඩ් 19 ආසාදනයෙන් මියගිය පුද්ගලයන් ආදාහනය කිරීමට නිකුත් කර ඇති ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක බහුතර තීන්දුවෙන් නිෂ්ප්‍රභ වී ඇති බවත් මෙම පෙත්සම තුලින් අලුත් කරුණු කාරණා ඉදිරිපත් කර ඇති බැවින් ඒ සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට අගවිනිසුරුවරයාගෙන් පෙත්සම්කරුගේ නීතිඥවරයා ඉල්ලීමක් කර තිබුණා.


පෙත්සම්කරුවන් (දෙමව්පියන්) මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිනා ෂෆ්නාස් ගොනු කළ මෙම පෙත්සමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,  රිජ්වේ ආර්යාව රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම් ඇතුළු  තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.


තම අලුත උපන් දරුවා සඳහා COVID 19  වැළදී ඇති  බව පැහැදිලි කිරීම සඳහා කිසිදු ලේඛනමය සාක්ෂියක් තමන්ට ලබා දී නොමැති බව පෙත්සම්කරුවන් දෙදෙනා පවසා සිටිනවා.


පෙත්සම්කරුවන්ගේ දරුවා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා  සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම මගින් ඉල්ලා සිටිනවා.


දෙමව්පියන්ගේ කැමැත්තට පරිබාහිරව දරුවාගේ සිරුර ආදාහනය කළ බව පෙත්සම්කරුවන් පවසා සිටිනවා.

No comments

Ads Place