Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නීති විරෝධීව ධීවර මෙහෙයුම්වල නිරතව සිටින ලාංකික බහුදින ධිවර යාත්‍රා 18 ක් හඳුනාගනී

 ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ධීවර මෙහෙයුම්වල නිරතව සිටි බව කියන ශ්‍රී ලාංකික  බහුදින ධිවර යාත්‍රා 18 ක් හඳුනාගෙ...


 ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ධීවර මෙහෙයුම්වල නිරතව සිටි බව කියන ශ්‍රී ලාංකික  බහුදින ධිවර යාත්‍රා 18 ක් හඳුනාගෙන ඇති බවත් එම යාත්‍රාවල නිරත ධීවරයන් පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ධීවර දෙපාර්තමේන්තුවේ මිරිස්ස ධීවර පරික්ෂක කාර්යාලය පවසනවා.


ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින්  බලපත්‍ර නොමැතිව ධීවර මෙහෙයුම් කටයුතු වල නිරත වන බවට ලද තොරතුරක් මත  ශ්‍රී ලංකා නාවික හමුදාවේ  විශේෂ කණ්ඩායමක් මඟින් පසුගිය දෙසැම්බර්  28 සිට මාර්තු  8 දින දක්වා  සිදුකළ  විමර්ශනයකදී මෙම තොරතුරු  අනාවරණය වී තිබෙනවා.


එහිදී  බහුදින ධීවර යාත්‍රා 18 ක් හඳුනාගෙන ඇති අතර එම සියලුම යාත්‍රා වැලිගම මිරිස්ස ප්‍රදේශයට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

No comments

Ads Place