Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සීනි බදු අඩු කිරීමෙන් බිලියන 15.9ක වංචාවක් වුනේ නෑ.. රජයට ආදායමක් අහිමි වුනා..

  සීනි බදු අඩු කිරීම නිසා රජයට බිලියන 15.9 ක මුදලක් අහිමි වීම වංචාවක් නොව රජයට අහිමි වූ ආදායමක් බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්...

 


සීනි බදු අඩු කිරීම නිසා රජයට බිලියන 15.9 ක මුදලක් අහිමි වීම වංචාවක් නොව රජයට අහිමි වූ ආදායමක් බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

එය කිසිම පිරිසකට වාසියක් අත් වන ආකාරයෙන් ගත් තීන්දුවක් නොවන බවත් බදු අඩු කිරීමේ වාසිය මේ වන විට ජනතාවට ලැබෙමින් ඇති බවත් ඔහු පවසයි.

එනිසා සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට ආදායම් අහිමි වීම හා බැඳුම්කර වංචාව සැසඳිය නොහැකි බවද ඔහු කියා සිටී.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ ආකාරයෙන් බදු අඩුකිරීම සැමන්, ලොකු ලූණු, පරිප්පු ආදියට ද ඒ ආකාරයෙන් ම එම ගැසට් නිවේදනය ම සිදු කර ඇතැයි ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place