Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 14 ක් විනාශ වෙයි - වතු කම්කරුවන් 59 දෙනෙක් අවතැන්

  රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙ...

 


රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් පවසනවා.

 

අද (12) දින අලුයම 3 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවත්, පැතිර ගිය ගින්න එම වතු යායේ වතු කම්කරුවන් ,රාගල පොලිසියේ නිලධාරින්,නුවරඑලිය තුන්වන සිංහ රෙජිමෙන්තුවේ භට පිරිස් එක්ව නිවා දැමිමට සමත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

 

පැතිර ගිය ගින්නෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් 14 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු අවතැන් වි ඇති බවත් ,එම අවතැන් වුවන් මේ වන විට එම වතු යායේ කොවිලේ තාවකාලිකව නතර කර ඇති බවට සහකාර අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළා.

 

ගින්න හටගන්නා අවස්තාවේ නිවාස වල කිසිවෙක් නොසිටි බවත්, එම නිවාසවල පදිංචිකරුවන් (11) දින මහ ශිවරාත්‍රි දිනය හේතුවෙන් එම වතු යායේ කොවිලේ පැවති ශිව රාත්‍රි පුජාවන් වලට සහභාගි වි සිටි බවයි රාගල පොලිසිය පැවසුවේ.

 

ගින්නෙන් එම නිවාස වල පදිංචිව සිටි පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ගින්නෙන් විනාශ වි ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරෙනවා.


ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් අවතැන් වු වතු කම්කරු පවුල් සදහා වලපනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , වතු පාලන අධිකාරිය සහ රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක්ව අවශ්‍යය මුලික පහසුකම් ලබාදිමට කටයුතු කර ඇති බව ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් ප්‍රකශ කළා.

 

ගින්න සම්බන්ධයෙන් රාගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

No comments

Ads Place