Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අසාද් සාලි වයස අවුරුදු 12ක දැරියක් විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියකින්..

  රටේ නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරන, වසර 12ක දැරියක විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙළෙන අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා නීතිය ක්‍රියාත...

 


රටේ නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරන, වසර 12ක දැරියක විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙළෙන අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

තමන් රටේ පවතින නීතියට ගරු කරන්නේ නැති බවත් එය තමන්ට අදාළ නැති බවත් තමන් පිළිගන්නේ මුස්ලිම් නීතිය පමණක් බවත් පවසමින් අසාත් සාලි නැමැත්තා මේ රටේ නීතිගරුක පොදු ජනතාවට සහ තමන්ගේ අන්තවාදී මතවාදයට එරෙහි වන අයට දැඩි තර්ජනයක් සිදුකර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. අප 21 වන සියවසේ ජීවත් වුවත් අසාත් සාලිලා තවමත් ජීවත් වන්නේ ගෝත්‍රික යුගයේ බව පෙන්වා දුන් මොහොමඩ් මුසම්මිල් මහතා මෙම පුද්ගලයා වයස 12ක දැරියක විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙළෙන අයකු බව ද පැවසීය.

සැමට එක් නීතියක් මිස මේ රටේ එක් එක් පුරවැසියන්ට එක් එක් නීති පැවැතිය නොහැකි බවත් ජාති, ආගම්, කුල ආදී වෙනස්කම් මත වෙනම නීති, වෙනම අධිකරණ, වෙනම අධ්‍යාපන පද්ධති අවශ්‍ය නොවන බවත් අවධාරණය කළ මුසම්මිල් මහතා එක් එක් ජනකොටස්වලට තම සිරිත් විරිත්, සංස්කෘතික අනන්‍යතා පවත්වාගෙන යාමට ඉන් කිසිදු බාධාවක් නොවන බවත් වැඩිදුරටත් පැවසීය.

අසාත් සාලිලා වැනි අන්තවාදීන්ට අවශ්‍ය ඇඳුමින්, ආහාර භාවිතයෙන්, උසාවි භාවිතයෙන් මුස්ලිම් ජනයා සෙසු ජනයාගෙන් වෙන් කිරීමට බවත් මේ පටු බෙදීම් හදන අන්තවාදීන් පිරිස හෙට දිනයේ ඒ ඔස්සේ ‘සහරාන්ලා පැටව් ගසන තෙක්’ බලා සිටින බවත් ඒ අනතුරින් මුළුමහත් ජාතියම බේරා ගැනීම අප කාගේත් වගකීමක් බවත් මුසම්මිල් මහතා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

No comments

Ads Place