Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනයේ අල කිලෝව රු. 100කට මිලදී ගන්න – අගමැති සතොසට නියෝග කරයි!

  මේ දිනවල අස්වැන්න නෙළන යාපනයේ ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 100ත්, 110ත් අතර මිලකට මිලදී ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සතොසට දැනුම්දී තිබීම ස...

 


මේ දිනවල අස්වැන්න නෙළන යාපනයේ ගොවීන්ගෙන් අල කිලෝවක් රුපියල් 100ත්, 110ත් අතර මිලකට මිලදී ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සතොසට දැනුම්දී තිබීම සම්බන්ධයෙන් යාපනයේ අල ගොවීන් දැඩි සතුටට පත්ව සිටිති.


යාපනයේ අල වගා කරන ගොවීන්ගේ සංගමයේ උප සභාපති එස්. චන්ද්‍රසේකරන් මහතා කියා සිටියේ වාර්ෂිකව යාපනයේ අල අස්වැන්න නෙළන කාලයට කිලෝවක් රුපියල් 40කට වත් තොග වශයෙන් අලෙවි කිරීමට නොහැකි වන බවයි.


එහෙත් මෙවර අල මිලදී ගැනීම සඳහා ස්ථාවර මිලක් රජය විසින්ම ප්‍රකාශයට පත් කිරීමත් අල තොග මිලට ගන්නා ලෙස සතොසට සිදු කොට ඇති දැනුම් දීමත් යාපනයේ අල ගොවීන් දිරිමත් කිරීමක් බව උප සභාපතිවරයා පැවැසීය.


විදේශ රටවලින් අල ආනයනය නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට අවශ්‍ය අල තොග යාපනයේ ගොවීන්ට නිෂ්පාදනය කළ හැකි බව පවසන එම සංගමය අල තොග මිල අස්වැන්න නෙළන කාලයට අඩුවීම නිසා යාපනයේ විශාල පිරිසක් අල වගා කිරීමෙන් ඈත්ව සිටින බවද සඳහන් කළේය.

No comments

Ads Place