Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෘඩියා සිලනිකා ගස නොකපා මධ්‍යම අධිවේගය වෙනස් කරන්න රුපියල් බිලියන 08ක් යනවා..- ලන්සා

  මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මතභේදයට තුඩු දී ඇති කෘඩියා සිලනිකා ගස එම ස්ථානයේම තබා සැලසුම වෙනස් කිරීමට ලක්ෂ 80,000 ක් පමණ වැය වන බවත්...


 මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මතභේදයට තුඩු දී ඇති කෘඩියා සිලනිකා ගස එම ස්ථානයේම තබා සැලසුම වෙනස් කිරීමට ලක්ෂ 80,000 ක් පමණ වැය වන බවත් මේ ජනතාවගේ බදු මුදල් නිසා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබදව ජනතාව තීන්දු කළ යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“මධ්‍යම අධිවේගී මාර්ගය හදාගෙන යද්දී දුර්ලභ කෘඩියා සිලනිකා නම් ගස හමුවුනා. රටේ ජනතාව ඉල්ලනවා ගහ ආරක්ෂා කරන්න කියලා. ජනතාවට ඇහුම්කන් දීලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කැබිනට් ඇමැතිතුමා, අපි සියලු දෙනා කටයුතු කරනවා. මේ මහජනතාවගේ මුදල්. මේ සැලැස්ම වෙනස් කිරීම කලහොත් බිලියන අටක් ජනතාවගේ මුදල් වැයවෙනවා. මේ ගහ ගලවලා වෙනත් තැනක සිටුවන්න පුළුවන් කියලා පරිසර සංවිධාන එක් වෙලා කියලා තියෙනවා. නමුත් අපට ඒ කටයුත්ත කරන්න බැහැ. ඒ ගස හොල්ලන්න එපා කියලා විශාල සමාජ මතයක් තියෙනවා. එහෙමනම් ලක්ෂ 80,000 ක් වියදම් කරලා සැලැස්ම වෙනස් කරන්න අපට සිදු වෙනවා. මේ ජනතාවගේ සල්ලි නිසා ජනතාව තීන්දු කරන්න ඕන මොකක්ද කරන ඕන කියලා. ගස එහෙම්ම තියලා සැලැස්ම වෙනස් කරන්න අපි මේ වන විට සාකච්ජා කරගෙන යනවා. ඒ පිළිබඳව අවසන් තීන්දුවක් තවම අරගෙන නැහැ.

පාස්කු ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරනවා. පාස්කු ප්‍රහාරය එල්ල වුණේ පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී. පාස්කු ජනාධිපති කොමිසම පත් කළේ යහපාලන ආණ්ඩුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කළ කොමිසමක් නොවෙයි. සමහර අය මේක අමතක කරලා කථා කරනවා. සමහර අය පාස්කු ප්‍රහාරය වුණේ අපේ කාලයේ වගේ කථා කරනවා.

මේ කොමිසමේ වාර්තාව පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රස්තවාදී ක්‍රීයාව කරපු, ඒ සඳහා උදව් කරපු පිටුපස සිටින අය සොයා ගැනීමයි අපේ කාදිනල් හිමිපාණන් බලාපොරොත්තු වුණේ. මෙහි බෞද්ධ සංවිධාන ටිකක් අල්ලගෙන තියෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල කළේ බෞද්ධ සංවිධාන නොවෙයි. බෞද්ධ සංවිධාන ගැන නම් කරල තියෙන්නේ මොකටද කියලා මම දන්නෙ නැහැ. කතෝලික මන්ත්‍රීවරු විදියට, කතෝලික සභාව විදියට අපි ඉල්ලුවේ පාස්කු ප්‍රහාරය සිද්ධ කරපු ත්‍රස්තවාදීන් අල්ල ගන්න කියලා. අපට උදව් කරපු සිංහල බෞද්ධ සංවිධාන ගැන නොවෙයි අපි කථා කළේ. කතෝලික සහ බෞද්ධ ජනතාව අතර ප්‍රශ්නයක් ඇති කරන්න කවුරුහරි මැදිහත් වුණාද කියලා අපට හිතෙනවා. මියගිය අහිංසක මිනිසුන් වෙනුවෙන් ඒ සාධාරණත්වය ඉටු වුණේ නැහැ කියලා පැහැදිලිවම කියන්න ඕන.

කාදිනල්තුමා මේ ඉරිදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තියෙනවා. ඒක ඉතාමත් සාධාරණ වැඩපිළිවෙළක්. මිය ගිය අහිංසක ජනතාවට සාධාරණයක් ඉල්ලන එක අයිතියක්. ඒ අයිතිය වෙනුවෙන් තමයි අපි මේ ඉරිදා ගෙවල්වල කළු කොඩියක් ඔසවන්න කියලා, පල්ලියට කළු ඇදගෙන එන්න කියලා ඒ කටයුත්ත කරන්නේ. එයින් අදහස් කරන්නේ බෝම්බ ප්‍රහාරවලින් මියගිය ජනතාවට සාධාරණයක් ඉටු කරන්න විතරයි. ජනාධිපතිතුමා අපි සියලු දෙනා විශාල මහන්සියක් වෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට ගේන්න. එය කඩිනම් කිරීමට අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අපි කිසිකෙනෙක් ඒ අය ආරක්ෂක කරන්න මැදිහත් වෙන්නේ නැහැ. මේ ඉරිදා කාදිනල් හිමිපාණන් කරන වැඩපිළිවෙළ ඉතාමත් සාධාරණයි කියලා පැහැදිළිවම කියන්න ඕන.“ යැයි අමාත්‍යවරයා කීය.

– මාධ්‍ය ඒකකය

No comments

Ads Place