Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැලක 05 වසර පන්තියක් වසා දමයි..

  හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (14 ) දින තහවු...

 


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (14 ) දින තහවුරු විම නිසා සෞඛ්‍යය උපදෙස් අනුව 05 වසරේ අධ්‍යාපන කටයුතු (22) දින දක්වා ආරම්භ නොකරණ බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. ශ්‍රිදරන් මහතා පැවසිය.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන නොර්වුඩ් පුස්ථකාලයේ පුස්ථකාලාදිපතිනියට සහ ඇගේ පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවත් පුස්ථකාලාධිපතිනියගේ පුතා අසාදිත පාසල් සිසුවා බවයි මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි .චන්ද්‍රරාජන් මහතා පැවසිය.

අසාදිත මව සහ පුතා වලපනේ නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කල බවත් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසරේ අසාදිත සිසුවාගේ ළගම ආශ්‍රිත සිසු සිසුවියන් (15) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරන බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.

නොර්වුඩ් පුස්ථකාලය තාවකාලිකව වසා දමා ඇත.

No comments

Ads Place