Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුරෝපයේ 03 වන කොවිඩ් රැල්ලක් : පැරිසියේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යැමෙන් රෝගීන්, ගුවන් මගින් වෙනත් රෝහල් වලට

 ඉතාලිය ඇතුළුව යුරෝපයේ රටවල් රැසක තෙවන කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. පවතින තත්ත්වය...


 ඉතාලිය ඇතුළුව යුරෝපයේ රටවල් රැසක තෙවන කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.


පවතින තත්ත්වය හමුවේ ඉතාලියේ ප්‍රදේශ රැසක් යලි අගුලු දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඉතාලියේ රෝහල් රැසක උපරිම ධරිතාවයද ඉක්මවමින් ආසාදිතයින් වාර්තා වී තිබීම හේතුවෙන්.


ඉතාලියේ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 21,315ක් සහ මරණ 264ක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ලෝකයේ පළමු වරට රට පුරා අගුළු දැමීමට කටයුතු කලේ ද ඉතාලියයි.


නව කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රෝමයේ, ලාසියෝ ප්‍රාන්තයේ දැඩි සංචාරණ සිමා පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.


මේ අතර ප්‍රංශයේ ද කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ හේතුවෙන් ප්‍රංශයේ අගනුවර පිහිටි රෝහල්වල දැඩි සත්කාර ඒකකයන් වල ඇදන් පිරීයාම නිසා අසාධ්‍ය මට්ටමේ සිටින රෝගීන් ගුවන් මගින් වෙනත් ප්‍රදේශවල පිහිටි රෝහල් කරා යැවීමට පියවර ගෙන ඇති බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටියේ.


පැරිසියේ තත්ත්වය ක්‍රමයෙන් අවධානම් සහගත තත්ත්වයට පත්වීම සම්බ්න්ධයෙන් අදහස් දක්වමින් ජාතික සෞඛ්‍ය එජන්සියේ ප්‍රධානි ජෙරොම් සොලමන් කියා සිටියේ අවශ්‍ය වුවහොත් ප්‍රාන්තය අගුළු දැමීමට වුවද කටයුතු කරන බවයි.


ඊයේ දිනයේ දී ප්‍රංශයේ කොවිඩ් ආසාදිතයින් 26,343ක් සහ මරණ 114ක් වාර්තා වී ඇත. එමෙන්ම පෝලන්තයෙන් ද කොවිඩ් ආසාදිතයින් 17,258ක් සහ මරණ 110ක් වාර්තා වී ඇත. 


නව කොවිඩ් ප්‍රභේද වාර්තා වීමත් සමග ආසාදිතයින් වාර්තා වීම සිඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් මතුව ඇති බවයි යුරෝපයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

nethnews

No comments

Ads Place