Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් මෘතදේහ භූමදානය අද සිට - මෘතදේහ 02 ක් නැගෙනහිර පළාතේ තෝරාගත් භූමියකට රැගෙන යයි

  කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කොවිඩ් වෛරසය ආ...

 


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.


ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය පුද්ගල මළ සිරුරූ දෙකක් නැගෙනහිර පළාතේ තෝරා ගත් ප්‍රදේශයක භූමදානය කිරිමේ කටයුතු අද දිනයේදී සිදුකිරිමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.


කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාළාව පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.


කොළඹ අධිකරණ වෛද්‍ය අධිකාරී කාර්යාලය සහ වැලිකන්ද මුලික රෝහලේ සිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ භූමදානය කිරීම සඳහා රැගෙන යාම සිදුකරනු ලබනවා.


කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් ගේ සිරුරූ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

No comments

Ads Place